හැම අවුරුද්දකම වැහි කාලෙට ඩෙංගු රෝගය වැඩිවෙනවා – මන්ත්‍රී මාපලගම

සෑම වසරකම වර්ෂා කාලයේදී ඩෙංගු රෝග ව්‍යාප්තිය උත්සන්න වන්නේ යැයි සියල්ලන්ම දන්නා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසයි.

“හැම අවුරුද්දකම වර්ෂා කාලය එනකොට ඩෙංගු රෝගය උත්සන්න වෙනවා, ව්‍යාප්ත වෙනවා කියලා අපි දන්නවා. ඉතින් පොදු ජනතාවට තේරෙන භාෂාවෙන් සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් අපි මේක කියනවා. ඩෙංගු මදුරුවන්ට කීටයන්ට ඒගොල්ලන්ට තේරෙන භාෂාවෙන් කියාගෙන යනවා ඩෙංගු ව්‍යාප්තිය නවත්වන්න කියලා”

රුවන් මාපලගම මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වසරේදී වඩාත් සීඝ්‍ර ලෙස ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින අතර ජුලි මාසයේ ගතවූ දින 12 තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 13,791ක් වාර්තා වී තිබේ. 2026 වසරේදී ජුලි 12 වනදා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,672ක් වන අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 47 කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...

දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පර්යේෂණ සඳහා AI සහ නවෝත්පාදන පුහුණුව සාර්ථකයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තු...