චන්දිමාල්ට ඉඩ ලැබෙයිද?

Date:

නිශ්මං රණසිංහ ජූලි 15, කොළඹ LNW:

බංගලාදේශය සමඟ පැවත්වෙන විස්සයි විස්ස තරගාවලිය මේ වන විට 1- 1 ක් ලෙස සම මට්ටමේ පවතිනවා.පළමු තරගයේදී දැවන්ත ජයක් ද දෙවන තරගයේදී දැවන්ත පරාජයක් ද අත් කර ගනිමින් තරග දෙක නිමා වී තිබෙන නිසා මේ තරගය දෙපිළටම වැදගත් වෙනවා.


ජයග්‍රාහි තරගෙයේදී මෙන්ම පරාජිත තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට අවිශ්ක ප්‍රනාන්දු යොදා ගැනීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් සමඟ නායක චරිත් අසලංකත්,පුහුණුකරු සනත් ජයසූරියත් සහ තේරීම් කමිටුව දැඩි විවේචනයට ලක් වෙමින් තිබෙනවා.ඔහු එක්දින පිතිකරුවෙක් ලෙස ශ්‍රී ලංකාව නියෝජනයේදී දස්කම් දැක් වූ ක්‍රීඩකයෙකු වුව ද,විස්සයි විස්ස තරගවලදී ලබා දුන් අවස්ථාවන්වලින් ප්‍රයෝජනයක් ගන්නට හැකියාව ලැබී නැහැ.මේ තත්ත්වය නිසා අවසාන විස්සයි විස්ස තරගයේදී අවිශ්කගේ තැන ජ්‍යෙෂ්ඨ පිතිකරුවෙකු වන සංචිතයේ සිටින දිනේෂ් චන්දිමාල්ට හිමි විය හැකි බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.


පන්දු යැවීම සඳහා දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවීමටත් ඉඩ තිබෙනවා.එහෙත් මේ තරගාවලියේ දී කණ්ඩායම තේරිමේදී සැළකිල්ලට ගත් හැඩය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නේනම් තෙවන තරගයටත් චාමික කරුණාරත්නම රඳවා ගන්නට ඉඩ තිබෙනවා.එහිදී චාමික ද අවිශ්කට එල්ල වෙන විවේචන පිළිබඳව සිහියෙන් තමන්ව කණ්ඩායම කැඳවීම සම්බන්ධයෙන් පිත්තෙන් සහ පන්දුවෙන් සාධාරණය ඉෂ්ඨ කර පෙන්වීමට උත්සාහ කළ යුතුව තිබෙනවා.ඇතැම් විට හුවමාරුව වැන්ඩර්සේ සහ වෙල්ලාලගේ වීමේ ඉඩක් ද පවතින බව ද සාකච්ඡාවලින් අනාවරණය වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...