චීන ජනපති සහ විදේශීය නියෝජිත කණ්ඩායම්වල ප්‍රධානීන් අතර හමුවක්!

Date:

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(15) උදෑසන බෙයිජිං මහජන මහා ශාලාවේදී, විදෙස් රටවල නියෝජිත කණ්ඩායම් ප්‍රධානීන් හමුවූණා.

ශැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍ය කවුන්සිල රැස්වීමට සහභාගී වීම සඳහා, ඒ ඒ රටවල විදේශ අමාත්‍යවරුන් සහ ස්ථිර ආයතන ප්‍රධානීන් චීනයට පැමිණ සිටිනවා.

ශැංහයි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කිරීමෙන් පසු ගත වූ වසර 24 තුළ, සැමවිටම “ශැංහයි ජීවගුණය” පවත්වා ගෙන ගොස් ඇති බව, ෂී ජින් පිං මහතා එහිදී පැවසුවා.

යුගයේ ප්‍රවණතාවයට අනුකූල වෙමින් සියලු පාර්ශ්වයන්ගේ අවශ්‍යතා සපුරාලන කලාපීය සහයෝගීතා මාවතකට, ශැංහයි සහයෝගිතා සංවිධානය සාර්ථකව අවතීර්ණ වී තිබෙනවා. මෙය නවමු ආකාරයේ ජාත්‍යන්තර සබඳතා සඳහා ආදර්ශයක් ස්ථාපිත කර ඇතැයි, ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළා.

‍අධිපතිවාදී හැසිරීම්වලට දැඩි ලෙස විරුද්ධ විය යුතු බවත්, වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම ප්‍රවර්ධනය කළ යුතු බවත්, ෂී ජින් පිං මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...