පදවිප්‍රාප්තිය වෙනුවෙන් කිසිදු උත්සවයක් එපා – ජනපති කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් සිදුකළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ඔවුන්ට උපදෙස් ලබා දී ඇත්තේ , තම පදවිප්‍රාප්තිය වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොකරන ලෙසය.

එළැඹෙන 21 වන දිනට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වී වසරක් සම්පුර්ණ වීමට නියමිත අතර , පසුගිය වසරේ ජුලි මස 20 වන දින පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකදී ජන්ද 134ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූ විය .
රජයට සහ ජනාධිපතිවරයාට හිතවත් පාර්ශව පෙන්වා දී ඇත්තේ, පත්ව තිබූ අරාජිකත්වයෙන් රට සාමාන්‍යකරණයකට පත් කර ඇති හෙයින් පදවිප්‍රාප්ති උත්සවයක් සංවිධානය කළ යුතු බව වුවත් ,  කිසිදු මහජන මුදලක් හෝ පෞද්ගලික මුදලක් වැය කොට පදවිප්‍රාප්ති උත්සවයක් සංවිධානය කිරීම අවශ්‍ය නොවන බව ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත .

ලබන 21 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යාමට නියමිත බව තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...