පදවිප්‍රාප්තිය වෙනුවෙන් කිසිදු උත්සවයක් එපා – ජනපති කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපති පදවිප්‍රාප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් සිදුකළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ඔවුන්ට උපදෙස් ලබා දී ඇත්තේ , තම පදවිප්‍රාප්තිය වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොකරන ලෙසය.

එළැඹෙන 21 වන දිනට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වී වසරක් සම්පුර්ණ වීමට නියමිත අතර , පසුගිය වසරේ ජුලි මස 20 වන දින පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකදී ජන්ද 134ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූ විය .
රජයට සහ ජනාධිපතිවරයාට හිතවත් පාර්ශව පෙන්වා දී ඇත්තේ, පත්ව තිබූ අරාජිකත්වයෙන් රට සාමාන්‍යකරණයකට පත් කර ඇති හෙයින් පදවිප්‍රාප්ති උත්සවයක් සංවිධානය කළ යුතු බව වුවත් ,  කිසිදු මහජන මුදලක් හෝ පෞද්ගලික මුදලක් වැය කොට පදවිප්‍රාප්ති උත්සවයක් සංවිධානය කිරීම අවශ්‍ය නොවන බව ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත .

ලබන 21 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යාමට නියමිත බව තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...