ලංගමට නව පිරිසක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 16, කොළඹ (LNW):

ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු සහ කොන්දොස්තර තනතුරු සඳහා බඳවාගත් 370ක පිරිසක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණු අතර , ඒ අනුව, බස්නාහිර පළාතේ ඩිපෝ තුළ පවතින රියැදුරු සහ කොන්දොස්තර තනතුරු පුරප්පාඩු සඳහා මෙම පිරිස අනුයුක්ත කිරීමට නියමිතයි.

මේ වන විට බස්නාහිර පළාත තුළ වසර දහයකට අධික කාලයක් සේවය කරන පිට පළාත්වල රියැදුරු මහතුන් සහ කොන්දොස්තරවරුන් දීර්ඝ කාලයක් තිස්සේ අයදුම් කර ඇති ස්ථාන මාරු ලබාදීම සඳහා මෙම නවක රියැදුරු සහ කොන්දොස්තරවරුන් බඳවා ගැනීම තුළින් කටයුතු කෙරෙන බව සඳහන් වේ.

මෙලෙස බඳවා ගන්නා රියැදුරන් සහ කොන්දොස්තරවරුන් වසර තුනක් අනිවාර්යයෙන්ම බස්නාහිර පළාත තුළ තමන් අනුයුක්ත කළ ඩිපෝවේ සේවය කළ යුතු අතර කිසිදු දේශපාලන බලපෑමක් මත එහි කිසිදු වෙනසක් සිදු නොකරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...