රැල්ල හැපෙන වෙරළ අපි ළඟදිම හදනවා රැළි සුණුවිසුණු වෙන්න – චම්පික

Date:

කොළඹ LNW:“රැල්ල හැපෙන වෙරළ අපි ළඟදිම හදනවා රැළි සුණුවිසුණුවෙන්න. හතරවෙනි අපේක්ෂකයා නෙමෙයි. දිනන විකල්ප අපේක්ෂකයා අපි ගෙන එනවා.” යනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එම නිසා රැළිවලට අහුනොවන ලෙස මන්ත්‍රීවරයා කියාසිටියි.

කළමනාකරණ හැකියාව ගැන සිතිය යුතු වන අතර සාම්ප්‍රදායික පක්ෂ නායකයන් සිදුකළේ රැවටීම පමණක් වන අතර ශක්තිමත් බලවේගයක් පමණක් නොව බුද්ධිමත් නායකත්වයක් ද අවශ්‍ය බවද රණවක මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් සමාජ සාධාරණත්වයට පටහැනි බවත් රණවක මහතා පෙන්වා දෙයි.

“රටේ ආර්ථික අර්බුදයේ බර දාලා තියෙන්නෙ දරාගන්න බැරි ජීවන බරක් දරන සාමාන්‍ය මනුස්සයගෙ පිටේ. දවසින් දවසම් හැම තැනම වංචාව, දූෂණය. පාදඩකරණය සහ පාතාල දේශපාලනය. මේ රටේ ජනතාව එක්ක ඒ වගේ සෙල්ලම් බැරි බව මහින්ද රාජපක්ෂයි,ගෝඨාභය රාජපක්ෂ මහත්තයායි හොඳට ඉගෙනගත්තා. ප්‍රජාතන්ත්‍රවාද විරෝධී බලවේගවලට තටු ලබා දෙන්න එපා. අපි ජනරජ පෙරමුණ සෑම පෙරමුණකම සටන් වදිනවා ජනාධිපතිවරණය ලබා ගන්න.”

මේ අතර ජාතික ජන බලවේගය අලුත් එකක් නොවන අතර ජාතික ජන බලවේගය කියන්නෙ 2019 ප්‍රතික්ෂේප වූ වැඩපිළිවෙලක් බවයි රණවක මහතා පවසන්නේ.

මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ මහරගම, තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවති එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මහා සමුළුව අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා. ඇයට එරෙහිව නඩුව පවත්වාගෙන යාම පදනම් විරහිතයි – නීතීඥයා උසාවියට කියයි !

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා...

ඉල් විරුවන් වෙනුවෙන් කඳුලක් ….

මම ඉල් අරගලයේ අතීත සමාජිකයෙක් උනත් අද මම ඉන්නෙ...

සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනා 21...

It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein

සටහන – පුලී නොවැම්බර් 12, කොළඹ (LNW): ගිලර්මෝ ඩෙල් ටෝරෝගේ "Frankenstein(ෆ්‍රැන්කන්ස්ටයින්)"...