ඉබියතුරු දැමූ සිද්ධියකට ඇමති නිමල් සිරිපාලට සිතාසි!

Date:

කොළඹ LNW:එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ නිදහස් ජනතා සන්ධානය පිහිටි ගොඩනැගිල්ලට ඉබි යතුරු දමා වසා දැමීමේ සිද්ධියට අදාළව අද (16) මාළිගාකන්ද මහේස්ත්‍රාත් විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

පසුගිය ජූලි 05 වැනිදා එම ගොඩනැගිල්ලට ප්‍රවේශ වීම වළක්වාලමින් එහි යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් ද එම ගොඩනැගිල්ලේ සිටියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉබි යතුරු දමා තිබුණේ.

කොළඹ 10,ටී.බී.ජයා මාවත අංක 301/1දරන ස්ථානයේ එම ගොඩනැගිල්ල පිහිටා ඇත.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල මහතා විසින් ගොණුකරන ලද පුද්ගලික නඩුවක් විභාගයට ගනිමින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් විසින් උක්ත සිතාසිය නිකුත් කර තිබේ.

එම සිතාසිය අනුව එළඹෙන 19 වැනි සිකුරාදා දින නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...