ඉබියතුරු දැමූ සිද්ධියකට ඇමති නිමල් සිරිපාලට සිතාසි!

Date:

කොළඹ LNW:එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ නිදහස් ජනතා සන්ධානය පිහිටි ගොඩනැගිල්ලට ඉබි යතුරු දමා වසා දැමීමේ සිද්ධියට අදාළව අද (16) මාළිගාකන්ද මහේස්ත්‍රාත් විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

පසුගිය ජූලි 05 වැනිදා එම ගොඩනැගිල්ලට ප්‍රවේශ වීම වළක්වාලමින් එහි යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් ද එම ගොඩනැගිල්ලේ සිටියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉබි යතුරු දමා තිබුණේ.

කොළඹ 10,ටී.බී.ජයා මාවත අංක 301/1දරන ස්ථානයේ එම ගොඩනැගිල්ල පිහිටා ඇත.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල මහතා විසින් ගොණුකරන ලද පුද්ගලික නඩුවක් විභාගයට ගනිමින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් විසින් උක්ත සිතාසිය නිකුත් කර තිබේ.

එම සිතාසිය අනුව එළඹෙන 19 වැනි සිකුරාදා දින නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...