ශ්‍රී ලංකා රජය සහ සෞදි සංවර්ධන අරමුදල (SFD) අතර ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුමක්!

රෂිකා හෙන්නායක ජූලි 16, කොළඹ LNW :

පසුගියදා ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකා රජය සහ සෞදි සංවර්ධන අරමුදල (SFD) අතර ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කිරීම සිදුවුණ අතර, එහි මුළු ප්‍රතිව්‍යුහගත ණය වටිනාකම සෞදි රියාල් (SAR) 516,951,065.02 ක් වේ.

මෙය වර්තමාන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව සෞදි සංවර්ධන අරමුදල සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ණය ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් වේ.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ, ආර්ථික වශයෙන් අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පවා, මෙරටට අඛණ්ඩව ණය මුදල් ලබා දෙමින් සෞදි අරාබි රාජ්යප වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවයි.

එමඟින් කිසිදු බාධාවකින් තොරව සංවර්ධන ව්‍යාපෘතීන්හි සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට හැකියාව ලැබූ බවත් සෞදි සංවර්ධන අරමුදල විසින් ලබා දෙන ලද ණය සහනදායී කොන්දේසි මත ලබා දී ඇති අතර එය රටේ සමස්ත ණය බරට සහනයක්වී ඇති බවත් අමාත්‍යාංශය සදහන් කල අතර,ඊට සමගාමීව, මෙම සංචාරයේදී සෞදි සංවර්ධන අරමුදලේ ණය මූල්‍යායතනයෙන් ඉදි කරන ලද ‘වයඹ විශ්ව විද්‍යාල නගර සංවර්ධන ව්‍යාපෘතිය’ උත්සවාකාරයෙන් විවෘත කිරීම සඳහාද සෞදි සංවර්ධන අරමුදලේ ඉහළ මට්ටමේ නියෝජිත පිරිස සහභාගී වී තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...