හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම නිවේදනය කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද (16) පැවැත්වේ.
ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂක විධිවිධාන යොදවා ඇති බව සඳහන්.
ඒ අනුව පාර්ලිමේන්තුවේ ප්රධාන පිවිසුම් මාර්ග දෙකම මේ වනවිට තාවකාලිකව වසා දමා ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
RN