රනිල්ට සහාය දෙන්න තීරණය කළේ කවුද ? – පොහොට්ටු සභාපති ලේකම්ගෙන් නිදහසට කරුණු විමසයි

Date:

පුරප්පාඩු වී ඇති ජනාධිපති ධුරය සඳහා සුදුස්සෙකු තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කළ බවට ප්‍රකාශ කළේ කුමන පදනමක් මතද යන්න සම්බන්ධයෙන් විමසමින් පොදුජන පෙරමුණේ සභාපති ජී.ඇල්. පීරිස් මහතා පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

අදාල ප්‍රකාශය ඇසීමෙන් තමා විමතියට පත් වූ බවයි සභාපතිවරයා ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට පක්ෂය තීරණය කර නොමැති පසුබිමක පක්ෂ ලේකම්වරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් පක්ෂය තුළ බරපතල අර්බුදයක් හටගෙන ඇති බවත ජී.ඇල්. පීරිස් මහතා සඳහන් කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට තීරණය කළේ කුමන අධිකාරියක් යටතේද, මෙම තීරණය ගැනීම සඳහා සහභාගි වූයේ කවුද, තීරණය ගැනීම සඳහා පුද්ගලයන් තෝරා ගත්තේ කුමන පදනමක් යටතේද, තීරණය ගත් සාකච්ඡාව පැවැත්වූයේ කවදාද ආදී කරුණු 06 ක් සම්බන්ධයෙන් පොහොට්ටු සභාපතිවරයා ලේකම්වරයාගෙන් කරුණු විමසා සිටිනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම මේ වනවිට කණ්ඩායම් කිහිපයකට බෙදී සිටින අතර සැළකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක්, ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදැක්වීමේ තීරණයක සිටී. පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඩලස් අහප්පෙරුම මහතා තරගයට ඉදිරිපත්වීමට සූදානමින් සිටින අතර පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට සහාය නොදී වෙනත් පක්ෂයක පුද්ගලයෙකුට සහාය ලබාදිය නොහැකි බව එම මන්ත්‍රීවරුන් අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්න විමල් නුවර යයි. සජබ කතරගම පොල් ගහන්න යයි !

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ගැන ගැටලු ගැන මහානායක හිමිවරුන්...

ට්‍රම්ප්ගේ මීළඟ ප්‍රහාරය ඉරානයටද ?

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නිර්නාමික එක්සත් ජනපද...

හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද්ව CIDයට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර...

ඇමරිකානු හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය...