දේශීය පුවත් විස්තරය: සාරාංශය 07/16

Date:

  1. රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කොට රජයේ වියදමින් දැවැන්ත ලාභ උපයන “Hot-money” ආකාරයේ ආයෝජකයන් රජයට භයානක පාඩු ගෙනදෙමින් තවදුරටත් ඉවත්ව යන බවට වාර්තා වේ: ඉකුත් සතිය තුළ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ඇ.ඩො. මිලියන 604 සිට ඇ.ඩො. මිලියන 564 දක්වා මිලියන 40 කින් පමණ පහත බැස තිබේ: ඉදිරි සති කිහිපය තුළ තවදුරටත් ආයෝජකයන් ඉවත්ව යනු ඇති අතර, මෙමඟින් විදේශ විනිමය අනුපාතවලට දැවැන්ත බලපෑමක් එල්ල කරනු ඇති බවට විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
  2. තමිල්නාඩුවේ නාගපට්ටිනම් සිට ත්‍රිකුණාමලය සහ කොළඹ දක්වා තෙල් බෙදාහැරීමේ නල මාර්ගයක් සඳහා ඉන්දීය තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කළ යෝජනාව ඇගයීමට රජය විසින් කමිටුවක් පත් කරනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ පවසයි: ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නවදිල්ලි නුවරට පැමිණීමට දින කිහිපයකට මත්තෙන් මෙම යෝජනාව ඉදිරිපත්ව තිබේ.
  3. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සියලු ගුවන් නියමුවන් දිවයින හැර යන්නේ නම්, එම ගුවන් සේවාව ක්‍රියාත්මක කිරීමට විදේශ ගුවන් නියමුවන් ලබා ගැනීමට රජය කටයුතු කරන බව ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි: රට ගැන ආදරයක් නොමැති පුද්ගලයන් වඩා හොඳ විදේශ රැකියා අවස්ථා සඳහා පිටව යන බවත්, මෙම තත්ත්වය වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ වෙනත් වෘත්තිකයන් අතර පවා සුලභ බවත් පවසයි.
  4. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී 21 හැවිරිදි තරුණියක මරණයට පත්වීමේ සිදුවීමට අදාළ එන්නත් තොගය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
  5. රටේ බංකොලොත්භාවය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පා.ම. සාගර කාරියවසම්ගේ සභාපතිත්වයෙන් යුතු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ව්‍යාජ එකක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බවයි: මේ වෙනුවට රටේ ආර්ථික කඩා වැටීම පිළිබඳ සෙවීමට “අව්‍යාජ” කමිටුවක් පත්කරන බව පවසයි.
  6. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නැප්තා ටැංකි උතුරා යන මට්ටමටම පාහේ පැමිණ තිබෙන පසුබිමක, රටේ ඛනිජ තෙල් ගබඩා කිරීමේ ධාරිතාවයේ තිබෙන ගැටළු පිළිබඳ ලංකා ඛනිජ තෙල් සංස්ථාව අවධානය යොමුකරන බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
  7. රජයේ නිලධාරීන්ට, ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨතාවය සහ විශ්‍රාම වැටුප්වලට බාධාවක් ඇති නොවන පරිදි දේශීය සහ විදේශීය වැටුප් නොමැති නිවාඩු ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.
  8. 2022 වසර තුළ වන අලි ප්‍රහාර මඟින් ගම්වල ජීවත් වන පුද්ගලයන් 146 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පවසති: 2021 දී ඝාතනයට ලක්ව ඇති වන අලි සංඛ්‍යාව 375 වන අතර, 2022 දී ඝාතනයට ලක්ව ඇති වන අලි සංඛ්‍යාව 439 බව ද අනාවරණය කරති: විදුලි උගුල්, “හක්ක පටස්” පුපුරණ ද්‍රව්‍ය, කටු වැට සහ වස මඟින් වන අලින් ඝාතනයට ලක්ව ඇති බව ද පවසති.
  9. මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමට වඩා රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනතාවට අවශ්‍යව ඇති බව නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි: රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජාත්‍යන්තර සබඳතා ඇති පළපුරුදුම සහ පරිණත දේශපාලන නායකයා වශයෙන් රට ගොඩනැඟීමේ කාර්යභාරය ඉටුකළ හැකි පුද්ගලයා බවට වත්මන් ජන මතය බව ද පවසයි: මැතිවරණ සඳහා කෑගසන අය රජය සමඟ අත්වැල් බැඳගත යුතු බව ද අවධාරණය කරයි.
  10. 2024 ජනවාරි වන විට, වයස අවුරුදු 18 කට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා බදු ලිපිගොනු විවෘත කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විශාල මානව හා භෞතික සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සහ නියෝජ්‍ය කොමසාරිස් ජේ.ටී. චන්දන පවසයි: දෙපාර්තමේන්තුව තුළ මානව සහ භෞතික යන සම්පත් දෙකෙහිම සැලකිය යුතු හිඟයක් පවතින අතර, මේ හේතුවෙන් එම කාර්යභාරය ඉටු කිරීම දුෂ්කර වී ඇති බව ද පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...