තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා නව පනතක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ , තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා නව පනතක් මෙම වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

තව දුරටත් ඔහු සඳහන් කළේ,  පවතින තැපැල් ආඥා පනත මඟින් තැපෑල නව්‍යකරණයට බාධා පවතින බැවින් කඩිනමින් එය සංශෝධනය කිරීමට පියවර ගනිමින් සිටින අතර එහි කටයුතු මේ වන විටත් සියයට 80කින් අවසන් කර ඇති බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ, පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපියල් බිලියන 10ක වියදමින් මෙම නව්‍යකරණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් ,  කිසිවිටක තැපෑල ඈවර කිරීමට ඉඩ නොතබන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

විශාලම ජයග්‍රහණය මහනුවරින් – සටන්කාමීම පරාජය ගුවන් හමුදාවෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: මැලිබන් කුසලානය වෙනුවෙන් පවත්වන...

” අසභ්‍යකරණය ” හා “වාචාලකරණය “

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කටට...