මෙවර 18 සම්පූර්ණ වූ 76,000 කට ඡන්ද හිමිකම!

Date:

රෂිකා හෙන්නායක ජූලි 17, කොළඹ (LNW):

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 2024 වසරේ පෙබරවාරි මස පළමුවැනිදා සිට මැයි 31 වැනිදා දක්වා වයස අවුරුදු 18 සම්පූර්ණ වූ 76,000 කට අවස්ථාව හිමිවී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසුවේ , මෙවර ජනාධිපතිවරණය සඳහා 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතළිස් දහසක් (17,140,000) සුදුසුකම් ලබා සිටින බවයි.

මැතිවරණ කොමිෂන් සභාවේ ඊයේ (16 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව කියා සිටියේය.

මෙම ඡන්ද හිමි නාමලේඛනය කොටස් දෙකකින් සකස් කර තිබෙන බවත්, 2024 සකස් කරන ලද ප්‍රධාන නාමලේඛණය සහ අවුරුදු 18 සම්පූර්ණ වූ අලුත් ඡන්දදායකයන්ට අවස්ථාව සැලසීම සඳහා සකස් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවට අනුව මෙවර ඡනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා ඇති බවද පැවසීය .

පෙබරවාරි මස පළමුවැනිදා සිට මැයි 31 වැනිදා දක්වා කාලය තුළදී අවුරුදු 18 සම්පූර්ණ වන ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම සඳහා පරිපූරක ඡන්ද ලේඛනය සකස් කෙරෙන බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...