මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඇතුළත් කොමිෂන් සභා වාර්තාව අද ජනපති අතට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 17, කොළඹ (LNW):

අද(17) දින මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට‍ නියමිතයි. 

එම වාර්තාව පිටු 130කට අධික සංඛ්‍යාවකින් සමන්විත බව කොමිෂන් සභාවේ ලේකම් මාධව ‍දේවසුරේන්ද්‍ර මහතා සඳහන් කළ අතර, පසුගිය වසරේ ඔක්තෝබර් මස 15 වැනි දා පත් කළ එහි නිල කාලය පසුගිය මස 30 වැනි දායින් අවසන් විය. 

හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ එම කොමිසමේ සාමාජිකයින් සංඛ්‍යාව 19 ක් වන අතර, කොමිසම විසින් ජනතාවගෙන් හා සිවිල් සංවිධානවලින් අදහස් ලබා ගැනීම සිදු කළ අතර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනය කිරීම්වලින් අනතුරුව එහි අවසන් වාර්තාව සකස් කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...