ඡන්දය කල්දැම්මොත් රට තුළ දහස් ගණනක ලේ වැගිරීම් වෙයි – මෛත්‍රී

0
314

රෂිකා හෙන්නායක ජූලි 17, කොළඹ (LNW):

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් ඒ සඳහා අපේක්ෂකයෙකු තෝරාගෙන ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කළ අතර, ජනාධිපතිවරණ අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් එය කිසිලෙසකත් කල්දැමීමට නොහැකි බවත්  හිටපු ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුනි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසූවේ, ඡන්දය පැවැත්වීම කල්දැමීමට උත්සහ කළ හොත් රට තුළ දහස් ගණනක ලේ වැගිරීම් සිදුවිය හැකි බවයි.