නව සන්ධානයේ මාතලේ දිස්ත්‍රික්කයට ප්‍රමිත නම්වෙද්දී අනුරාධපුරයට ශෙහාන්!

Date:

කොළඹ LNW:වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් ගොඩනගන නව සන්ධානයේ මාතලේ දිස්ත්‍රික්කයේ නායකත්වය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට සහ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහට ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

විශේෂයෙන්ම තරුණ අමාත්‍යවරුන්ට තැනක් ලබා දී ඔවුන් ඉදිරියට රැගෙන ඒම සිදුකළ යුතු බව එම පත්කිරීම් කරන විට සැලකිල්ලට ගෙන ඇති බව සඳහන්.

රාජ්‍ය අමාත්‍යවරුන්වන ප්‍රමිත් බණ්ඩාර තෙන්නකෝන් සහ ෂෙහාන් සේමසිංහ පසුගිය කාලය පුරාම ජනාධිපතිවරයාට සහය පළකරමින් කටයුතු කළ අතර ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ගෞරවනීය ආරාධනයක් ද කර තිබේ.

මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්ත,ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ නියෝජිතයින් කණ්ඩායමක් ද රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...