නව සන්ධානයේ මාතලේ දිස්ත්‍රික්කයට ප්‍රමිත නම්වෙද්දී අනුරාධපුරයට ශෙහාන්!

Date:

කොළඹ LNW:වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් ගොඩනගන නව සන්ධානයේ මාතලේ දිස්ත්‍රික්කයේ නායකත්වය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට සහ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහට ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

විශේෂයෙන්ම තරුණ අමාත්‍යවරුන්ට තැනක් ලබා දී ඔවුන් ඉදිරියට රැගෙන ඒම සිදුකළ යුතු බව එම පත්කිරීම් කරන විට සැලකිල්ලට ගෙන ඇති බව සඳහන්.

රාජ්‍ය අමාත්‍යවරුන්වන ප්‍රමිත් බණ්ඩාර තෙන්නකෝන් සහ ෂෙහාන් සේමසිංහ පසුගිය කාලය පුරාම ජනාධිපතිවරයාට සහය පළකරමින් කටයුතු කළ අතර ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ගෞරවනීය ආරාධනයක් ද කර තිබේ.

මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්ත,ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ නියෝජිතයින් කණ්ඩායමක් ද රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...