රගර් චෝදනා ගැන ඇමතිට නිර්දේශ දුන්නා – ඔම්බුඩ්ස්මන් චූලානනන්ද පෙරේරා

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 17( LNW) කොළඹ :

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය පවුම් 50000 ක දඩයකට යටත් කිරීමට වගකිව යුතු නිලධාරි වෙනුවෙන් මෙන්ම ශ්‍රී ලංකා රග්බි රුපියල් මිලියන 55 ක ණයකට යටත් කිරීම ආදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඊට වගකිව යුතු අය වෙනුවෙන් අවශ්‍යය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැදිහත් වන ලෙස ක්‍රිඩා අමාත්‍යංශයේ ඔම්බුඩ්ස්මන්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර සති ගණනක් ගත වුණත් මේ වන තෙක් ඊට ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් කිසිවක් වාර්තා වුණේ නැහැ.
මේ හේතුව නිසා ක්‍රීඩා අමාත්‍යංශයේ ඔම්බුඩ්ස්මන්වරයා වන චූලානන්ද පෙරේරාගෙන් LNW ඒ සම්බන්ධයෙන් විමසා බැලීමට තීරණය කළා.අප කරන ලද විමසීමේදී ඔහු පැවසුවේ තමන් ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගෙන අවශ්‍යය නිර්දේශ ක්‍රීඩා අමාත්‍යවරයාට මේ වන විටත් ඉදිරිපත් කර තිබෙන බවයි.

තමාගේ රාජකාරියේ වගකීම සහ ස්වභාවය අනුව ඊට වඩා තොරතුරු මාධ්‍යයට ලබා දීමට නොහැකි බව පැවසූ ඔම්බුඩ්ස්මන්වරයා එම නිර්දේශ සම්බන්ධයෙන් අවශ්‍යය දැනුවක් කිරීම වෙත චෝදනා භාරදුන් රගර් පරිපාලනයේ හිටපු සභාපතිවරයා වෙත ද දැණුම් දුන් බව ද ඔම්බුඩිස්මන්වරයා පවසනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...