විස්සය විස්ස තරගාවලි ජය බංගලාදේශයට

Date:

නිශ්මං රණසිංහ ජූලි 17, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති තෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 8 ක ජයක් ලැබූ බංගලාදේශය තරගාවලියේ ජයග්‍රහණයද 2-1 ක් ලෙස තමන් සතු කර ගන්නට සමත් වුණා.ක්‍රිකට් ලෝලීන් දැඩි උනන්දුවකින් සහභාගි වූ විස්සයි විස්ස තරගාවලියේ අවසානය ශ්‍රී ලංකාවට පරාජය ගෙන දෙමින් අවසන් වූ අතර තෙවන තරගයේදී ද දෙවන තරගයේදී මෙන්ම පරාජයට බල පෑ ප්‍රධානම කාරණය වූයේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතාවයයි.


කඩුලු 8 ක ජයක් කරා යන්නට බල පෑ ප්‍රධානතම කාරණය වූයේ ශ්‍රී ලංකා පිතිකරුවන් සිව් දෙනෙකුම සිය ගොදුරු බවට පත් කර ගත් මෙහෙදි හසන්ගේ පන්දු යැවීමයි.ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කරමින් සිය පන්දු ඕවර් 4 ලකුණු 11 ට සිමා කළ මෙහෙදි හසන් කඩුලු 4 ක් දවා ගනිමින් කැපී පෙණෙන පන්දු යැවීමක නිරත වුණා.ඊට එරෙහිව පැතුම් නිශ්ශංක පන්දු 39 න් ලකුණු 46 ක් රැස් කළ අතර අවසාන මොහොතේදී ක්‍රියාත්මක වූ දසුන් ශානක තමන්ව කණ්ඩායමට කැඳවීම සාධාරණ බව සහතික කරමින් පන්දු 25 දී නොදැවී ලකුණු 35 ක් රැස් කරන්නට සමත් වුණා.කමිඳු මෙණ්ඩිස් ද තමන්ට මේ තරගාවලියේ ලැබුණු එකම අවස්ථාවේදී යම් සාධාරණයක් කරමින් පන්දු 15 දී ලකුණු 21 ක් රැස් කළ අතර පන්දු යවමින් ද පන්දු ඕවර් තුන ලකුණු 21 ට සිමා කර එක් කඩුල්ලක් ද ලබා ගත්තා.


එහෙත් සනත් ජයසූරිය තරගයට පෙර මාධ්‍යයට පැවසූ ආකාරායට අතිරේක පන්දු යවන්නන් ලෙස චරිත් අසලංක සහ කමිඳු මෙණ්ඩිස්ගෙන් ප්‍රයෝජන ලබා ගැනීමේ අදහස සාර්ථක වූණේ නැහැ.විශේෂයෙන් විස්සයි විස්ස තරග රටාවට නොගැලපෙන ලකුණු 132 ක් ආරක්ෂා කිරීමට සුදුසු අභියෝගාත්මක පන්දු යැවීමක් ශ්‍රී ලංකාවෙන් දකින්නට නොලැබුණු අතර එයින් මනාව ප්‍රයෝජන ගත් ටන්ෂිඩ් හසන් පන්දු 47 දී ලකුණු 73 ක් නොදැනී ලබා ගත්තේ හයේ පහර 6 ක් සහ එක් හතරේ පහරක් සමඟින්.නොදැවී ක්‍රියාත්මක වූ එම ඉණිම නිසා කඩුලු 8 න් ශ්‍රී ලංකාව පරාජය කරන්නට බංගලාදේශයට හැකි වුණ අතර ටන්ෂීඩ් ට අනගි සහයක් ලබා දෙමින් දෙවන තරගයේ වීරයා වූ නායක ලිටන් දාස් මේ තරගයේ ද ලකුණු 32 ක් රැස් කරමින් දෙවන කඩුල්ලට ලකුණු 74 ක සබඳතාවයක් ද ගොනු කරන්නට සමත් වුණා.


ශ්‍රී ලංකාවට තෙව තරගයේ පරාජයේ දොරටුව විවර කළ මෙහෙදි හසන් තරගයේ වීරයා බවට පත් වුණා.දෙවන තරගය ජය ගන්නට පිතිකරණයෙන් දායක වුණ සහ තෙවන තරගයේදී ද ටන්ෂිඩ් හසන්ට අනගි සහයක් ලබා දුන්.තරගාවලියේ ජයග්‍රහණය සඳහා මනා නායකත්වයකින් දායක වූ ලිටන් දාස් තරගාවලියේ වීරයා බවට පත් වුණා.තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකියි.
https://bit.ly/3UfkQwL

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක් !

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව අල්ලස්...

කෝටි 31ක මත්ද්‍රව්‍ය ගුවන් තැපෑලෙන් මෙරටට: කූරියර් පාර්සල් 07ක් ලෙස සකස් කර එවලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : සීදූව ප්‍රදේශයේ පිහිටි...

පසුගිය දශක කිහිපය තුළ බ්ලොක්බස්ටර් සීමා බිඳලූ සිනමාංග කිහිපයක්!

සටහන – පුලී සැප්තැම්බර් 03, කොළඹ (LNW): The Exorcist, Jaws, සහ...