23 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික තරුණිය කෝටි ගණනක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 17, කොළඹ LNW :

ගුවන්තොටුපොල රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින්, රුපියල් පන් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොලෙන් පිටව යමින් සිටි විදේශීය ගුවන් මගී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය 23 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික තරුණියක් වන අතර, සැකකාරිය එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් රැගෙන, ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ, එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බව සඳහන් වේ.

ගුවන්තොටුපොල රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පැවසුවේ, ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලෙහි ස්නැක් පැකට් 25ක් තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 5යි ග්‍රෑම් 700ක ප්‍රමාණය සගවා තිබූ බවයි. අත්අඩංගුවට ගත් විදේශීය තරුණිය සහ ඇය රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදී තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...

වංචනික සහ ඉතා භයානක scam link එකකි – කිසිසේත්ම මෙය Click කරන්න එපා” – ශ්‍රී ලංකා පොලිසිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07 කොළඹ LNW : ශ්‍රී ලංකා පොලිසිය...

කඩචෝරු කා සිනමාවේ පමණක් දක්නට ලැබෙන රාක්ෂයකු වීමට ඔබත් කැමති ද?

කඩචෝරු කා සිනමාවේ පමණක් දක්නට ලැබෙන රාක්ෂයකු වීමට ඔබත් කැමති ද?