ටික් ටොක් සමාගමේ නවතම එකඟතාව!

රෂිකා හෙන්නායක ජූලි 17, කොළඹ LNW :

ටික් ටොක් සමාගමෙහි දකුණු ආසියානු රාජ්‍ය  සම්බන්ධතා ප්‍රධානී සහ දකුණු ආසියාවේ  මහජන කටයුතු ප්‍රධානී ෆර්දවුස් අල් මොටාකින්, සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් ඊයේ (16) පැවති බව වාර්තා වේ. එම හමුවේ ප්‍රථිඵලයක් ලෙස, මෙරට අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට ටික් ටොක් සමාගමේ එකඟතාව පල කර තිබේ.

විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස්  ආර්ථික අවස්ථා පුළුල් කර ගැනීමට සහ අධ්‍යාපන කටයුතු සඳහා ටික් ටොක් සමාජ මාධ්‍ය ඩිජිටල් මෙවලමක් ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳව එහිදී අවධානය යොමු වී ඇත. එහිදී ටික් ටොක් නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ ඩිජිටල් අධ්‍යාපනය පිළිබඳ දැනුම ලබා දීම සඳහා විධිවිධාන, පර්යේෂණ සහ විෂයමාලාවට අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීමේ වැදගත්කමයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සමග එවැනි සහයෝගීතාවන් අගය කළ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඩිජිටල්කරණ ක්‍රියාවලිය  කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව, මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළ බව ද වාර්තා වේ.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමියන්ගේ නඩු තීන්දුව ගැන සරත් එන්. සිල්වාගෙන් ප්‍රකාශයක්

කොළඹදී පැවති ආගමික හා සමාජීය සමුළුවක් අමතමින් හිටපු අගවිනිසුරු...

ඉරාන යුද්ධයෙන් එල්ල වූ බලශක්ති පීඩනය හමුවේ වියදම් කැපකිරීම හැර වෙනත් විකල්පයක් නෑ – IMF

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ LNW : ඉරාන යුද්ධය හේතුවෙන්...

ඥානසාර හිමිගේ චීවරය ඉවත්කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට විනිසුරු මඩුල්ලක් නම් කෙරේ!

කොළඹ LNW:සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ...

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...