බලහත්කාරයෙන් පීඩනය පැනවීම ගැටළුවට විසඳුමක් නොවේ – චීනය

Date:

කොළඹ LNW:තීරුබදු යුද්ධයේ ජයග්‍රාහකයෙක් නොමැති අතර බලහත්කාරයෙන් පීඩනය පැනවීම ගැටළුවට විසඳුමක් නොවන බව චීන විදේශ අමාත්‍යංශය පවසනවා.

විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා. චීනය, ඉන්දියාව සහ බ්‍රසීලය රුසියාවට පීඩනයක් එල්ල කළ යුතු අතර ඇමරිකාව රුසියාවට තීරුබදු පනවනු ඇතැයි අපේක්ෂා කරන බවද නේටෝ මහලේකම් Mark Rutte මහතා පසුගියදා සඳහන් කළා.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියාසිටියේ අර්බුදය විසඳීමට ඇති එකම නිසි මාවත සංවාදය සහ සාකච්ඡාව බවයි. යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන විසඳුමකට පැමිණීම සඳහා සියලු පාර්ශ්වයන් දායකවනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බවද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැවසුවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...