ඇසළ පෙරහැර සංස්කෘතික මංගල්‍යයක් ලෙස ගැසට් කිරීමේ යෝජනාවක්!

කොළඹ LNW:සංස්කෘතික මංගල්‍යයක් වශයෙන් සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍ය ගැසට් කිරීමේ යෝජනාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත මෙවර ඉදිරිපත් කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.

හෙළ රජ පරපුරේ සිට අඛණ්ඩව පැවත එන දළදා පෙරහැර මංගල්‍යයේ පුරාණ සම්ප්‍රදායන් රැක ගැනීම මෙහි ප්‍රධාන අරමුණක් වන බව ඒ මහතා පැවසුවේය.

දියවඩන නිලමේවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ඇසළ පෙරහැර මංගල්‍ය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

දළදා පෙරහැරට අලි ඇතුන් සම්බන්ධ කර ගැනීම සියවස් ගණනාවක සිට පැවතෙන චාරිත්‍රයක් වන බව පෙන්වා දුන් ඒ මහතා අද වන විට පෙරහැරට දායක කර ගත හැකි හීලෑ ඇති අතුන් ප්‍රමාණය 91 දෙනෙකු දක්වා සීමා වී ඇතැයි පෙන්වා දුන්නේය. එම ප්‍රමාණයෙන් 08 දෙදෙකු පමණක් අවුරුදු 35ට අඩු බවත් අලි ඇතුන් වැඩි ප්‍රමාණයක් අවුරුදු 60 ඉක්මවූවන් බවත් දියවඩන නිලමේවරයා සඳහන් කළේය.

දළදා පෙරහැර මංගල්‍ය සඳහා අලි ඇතුන් අවශ්‍ය බව අවස්ථා කිහිපයකදී පෙන්වා දුන් බව කී ඒ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවදානයට එම ඉල්ලීම මෙවර ඉදිරිපත් කරන බව පැවසුවේය. මේ සඳහා විසදුමක් නොලැබෙන්නේ නම් ඉරිදි වසර 10 – 15ක කාලය තුළදී පෙරහැර සඳහා දායක කර ගත හැකි අලි ඇතුන් ප්‍රමාණය 08 දෙනෙකු දක්වා සීමා වන බවත දියවඩන නිලමේවරයා කීවේය.

වන ජීවී කලාපවල අලි ඇතුන් කිසිදු අවස්ථාවක ඉල්ලා නොසිටින බවත් පින්නවල අලි අනාථාගාරය ඇතුලු විවිධ ස්ථානවල සිටින අතිරික්ත අලි ඇතුන් මේ සඳහා ලබා දෙන්නේ නම් එය කාලෝචිත වන බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

පෙරහැර සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාව සඳහා මල්වතු මහ විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද හිමියන් ද මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුලු නිලධාරීන් රැසක් සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...