*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

නිලානිගෙ පසුබැස්මේ පසු විවරණය

ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 3000 කාන්තා බාධක දිවීම ඉසව්වට සහභාගි වූ නිලානි රත්නායකට ඒ සහභාගීත්වය සනාත කර ගැනීම සඳහා ඉසව්වේ බාධක මතින් පැනීමට වඩා දුෂ්කර බාධක මතින් පැන දුවන්නට සිදු විය.අවසානයේ ඇයට ඒම උත්සාහයේ අග්‍රපලය වූ ඇමෙරිකාවේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේදී අත් වූයේ 14 දෙනෙක් අතින් 13 වන තැනය.

රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ ඊට වේවැල්වත්ත ප්‍රදේශයට ආසන්නව පිහිටි බටේවෙල හැදී වැඩෙන නිලානිට දුක් කම්කටොළු නුහුරු නැත.කඳු හෙල් බාධක ඔවුන්ට බාධක වූවාට වඩා ජීවිතය ජය ගන්නට ආශිර්වාද විය.සියල්ල සමඟ මුවහත් වන හැකියාවන් සමඟ රත්නපුර සුමන බාලිකාවට එන නිලානිට එහිදී බහු විධ ඉසව් සම්බන්ධයෙන් විශේෂඥයෙක් හැටියට හැඳින්විය හැකි බී.ආර්.පාලිතයන්ගේ ඇසුර ලැබෙන්නේය.ඒ හරහා ස්විය හැකියාවන් ඔප මට්ටම් කරගන්නා ඇය ඉනික්බිති සම්බන්ධ වන්නේ සජිත් ජයලාල් නම් වූ පුහුණුකරු යටතටය.

ඒ හරහා ජාතික වාර්තා අනේක වාරයක් අලුත් කරමින්,දකුණු ආසියාව ජය ගනිමින්,ආසියාවට අභියෝග කරමින් පෙරට ආ නිලානි ඔලිම්පික් කඩ ඉමේ දී අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන්නාය.ඒ සිය ඉසව්වේ නිශ්චිත උස කඩුල්ලක් වෙනුවට මීටර් 3000 ම පිරිමි ඉසව්වේ උසට සරිලන කඩුලු මතින් නික්මෙමින් දිව යන්නට සිදු වීම නිසාය.නමුත් ඇයට සිය හොඳම කාලය අහිමි වීම සමඟ ආබාධයක් උරුම වූ අතර ඊට වගකිව යුතු වගකීම පැහැර හැරි කිසිවෙක්ට මේ දක්වා කිසිඳු පියවරක් ගත්තේ නැත.එසේම මේ සියල්ල සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකර කටයුතු කළ ජාතික ක්‍රීඩා සභාවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහයක කණ්ඩායම ආබාධයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍යය ප්‍රතිපාදන ලබා දෙන්නට කටයුතු කරනු වෙනුවට නිලානිට සුපිරි සංචිතයේ ගෙවීම ද අහිමි කළේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සේ කටයුතු කරමින්ය.

නමුත් බිඳ වැටීම් මැද වැටුණු කඩුල්ලක් කෙළින් කර තබන්නා සේ නැඟිටි නිලානි සිය සුපිරි දක්ෂතාවයන් වර්ධනය කර ගන්නට විදෙස් තරග අත්දැකීම් සහ විදෙස් පුහුණු වෙනුවට කැපිලි කෙටිලිම ලබමින් වැටුණු බාධක පෙරළා ලෝක සූරතාවලිය නියෝජනය කරන්නට සුදුසුකම් ලද්දාය.බොහො විට මෙවැනි ඉසව්වල දක්ෂතාවය මෙන්ම සැපිරිය යුතු සේවය කරන තැන ආදි බොහෝ සුදුසුකම්වලින් ඈත සිටි නිලානි ට ඉසව්ව සඳහා පහසුකම් වෙනුවට ලැබුණෙම පනින්නට ඇති කඩුලුවලටත් වඩා උස් බාධකය.

තමුසෙ කොහෙ දුවන්න ද ඉන්ටර්නැෂනල්,කොහෙ පනින්නද පදක්කම් ගන්න පුළුවන්ද වැනි කතා ලංකාවේ මලල ක්‍රිඩා දක්ෂයන්ට නුහුරු නුපුරුදු නැත.අන්තිමට එවැනි කතාවක් ඇසූ ශ්‍රී ලංකාවේ කාන්තා රිටි පැනිමේ සූරිය එක දිගට ජාතික වාර්තාව අලුත් කරමින් පැමිණි ගමනට ලැබුණු වාග් සංග්‍රහයත් සමඟ අද සිටින්නේ මැද පෙරදිගය.
ඉසව්වක අත්දැකීම් සමඟ පදක්කම් නොමැතිව වුව ද එහි දක්ෂතාවයන් වර්ධනය වන්නේනම් ඊ ළඟ පරම්පරාවට හඹා යන්නට ඇති ඉලක්කය පුළුල් එකක් වන්නේ ක්‍රමයෙන් අභියෝගය ජාත්‍යන්තර මට්ටමට සමීප වෙමින්ය.එවැනි සමීපතාවයක් ඇති කිරීම ද ඉසව් සම්බන්ධයෙන් රටේ ඇති පසුබෑම වෙනස් කරන්නට හේතු විය හැකිය.ඇත්ත එබඳුය.

නමුත් තමන්ගේ බලය සහ අහංකාරය සමඟ ක්‍රීඩකයා තමන් නිසා පවතින බව සිතන නිලධාරි වපසරිය ඇතුළේ ලංකාවේ ක්‍රීඩාවේ ඉසව් විශාල ප්‍රමාණයක් නිදාගෙනම තබන්නට බලධාරීහූ ක්‍රියා කරති.මීටර් 3000 බාධක කාන්තා ඉසව්වද මේ තත්ත්වයට ගෙන එන්නට නිලානි එහි ආධිපත්‍යය දරන්නට ප්‍රථම එම ඉසව්වේ ජාතික වාර්තා පොකුරු පිටින් අලුත් කරමින් ඉසව්වේ තත්ත්වය ජාත්‍යන්තරයට සමීප තැනකට තල්ලු කළ නිමාලි ලියනාරච්චි සහ එරංගා දුලක්සි ද හේතු සැපයූහ.නිලානි අද ඒ සියල්ලට වඩා ඉදරියෙට ගොස් ඇත්තේ තමන්ට ජයගත යුතු අභියෝගය විශාල වීම නිසාමය.ඒ නිසා අද මීටර් 3000 කාන්තා බාධඛ දිවීම ඉසව්ව ජාත්‍යන්තරයට රැගෙන යන මට්ටමට නිමාලි ගෙන ඒම පිටුපස ඇයට එම ඉසව්වේ ජයග්‍රහණය සඳහා අවශ්‍යය ඉලක්කය විශාල කර ලබා දුන් නිමාලි සහ එරංගා ද අමතක කළ නොහැකිය.

නමුත් ක්‍රීඩා පාළකයෝ නිලානිට රටේ අභියෝගය කුඩා වෙද්දී ඉසව්වේ තත්ත්වය විශාල කිරීම සඳහා පියවර නොගත්හ.තරග අත්දැකීම් මෙන්ම හොඳ පුහුණුවක් ඊට සුදුසුම පරිසරයක ලබා දෙන්නට බලධාරීහූ කල්පනා නොකළහ.ඒ කතාවේ තිත්ත ඇය ලෝක සූරතා මලල ක්‍රීඩා සුරතාවලියේදී මීටර් 3000 බාධක දිවීම සඳහා තරග වැදුණු ආකාරයේ තාක්ෂණික සටහන් කියවීමේ දී පැහැදිළි කර ගන්නට හැකිය.

නිලානි මීටර් 100 පසු කරද්දීම තමන්ගේ වේගයත් සමඟ රැඳෙමින් ඉසව්වේ 14 දෙනා අතර 13 වැනියා ව සිටියේය.නමුත් මිටර් 200 සදහා පිවිසෙන විට ඇය තරගයේ ස්වභාවය අවතීර්ණ වෙමින් ගමන් කරේ 10 වැන්නියටය.පළමු මිටර් 1000 ඉසව්වේ නිමා වන විට පෙරමුණේ කසකස්තානයේ නෝරා ජෙරුටෝ ගත කර තිබුණේ විනාඩි 2:58.91 කි.නිලානි 10 වන තැන සිටි අතර ඇය විනාඩි 3:07.29 ක් ගත කර තිබිණි.පළමු වැන්නියගේ සහ නිලානිගේ වේගය අතර පරතරය අනුව ජාත්‍යන්තර මට්ටමේ මෙම ක්‍රීඩාවට සහභාගිවන්නියන්ගේ වේගය සහ දරා ගැනීම ගැන අවබෝධයකුත්,එවැන්නක් සඳහා සිරුර සහ මනස සූදානම් කිරීම සඳහා අවශ්‍යය පුහුණුව සහ පහසුකම් ගැනත් අවබෝධයක් කාට වුව ලබා ගැනීම අපහසු නැත.

ඒ තත්ත්වය තව දුරටත් ඉසව්වේ 2000 වන මීටරය නිමා වෙද්දී හඳුනාගන්නට ලැබෙන අතර එහිදී ද ඉසව්වේ රන් පදක්කම්ලාභි නෝරා, විනාඩි 6:08.09 න් පෙරමුණේ සිටි අතර නිලානි 13 වැනියා දක්වා පහතට පැමිණ විනාඩි 6:28.76 ක් මීටර් 2000 පසු කරන්නට ගත කළාය.නිලානි සිය හොඳම කාලය සහ ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාවේ කාලය වන විනාඩි 09:40.24 ආසන්න වැඩි කාලයක් ගත කර තිබිණි.එය විනාඩි 9:34.97 කි.තරග නිමා කිරීමේ කාලය නිලානිගේ විනාඩි 09:54.10 ක් විය.සාමාන්‍යයෙන් තරගයේ අවසාන මීටර් 100 තුළ වේගයේ වර්ධනයක් පෙන් විය යුතු වුවත් නිලානි අවසාන මීටර් 100 නිමා වන විට තත්පර 20 ට ආසන්න කාලයක් ගත කර තිබුණේ ජාත්‍යන්තර තරග අත්දැකීම සමඟ වේගය තරගය තුළ කළමණාකරණය කර ගන්නට ඇය තුළ ප්‍රමාණවත් දැණුමක් නොතිබි නිසාය.එය නිලානිගේ වරදක් නොවේය.ඒ වරදෙන් නිලානිට වඩා බැට කන්නේ රටේ ක්‍රීඩාව සහ මලල ක්‍රීඩාව බව මාන්නක්කාර පාලකයන් අවබෝධ කර ගන්නේනම් නිලානිලාගේ පසු පරම්පරාවට සිය ඉසව්වල සිහින බාධක ජය ගන්නට අපහසු නොවනවා ඇත.

ඇරලා වැඩක් නැහැ පදක්කම් නැහැ යනුවෙන් රටේ ක්‍රීඩාව රට ඇතුළත තබාගෙන සිටින තාක් කල් එහි දක්ෂතා වර්ධනය විම සිඳුවන්නේ හෙමින්ය.ක්‍රීඩා බලධාරීන් නොදන්නේ එයය.රටේම සමස්ත සමාජ දේශපාලන ව්‍යහුයට යටත්ව ක්‍රිඩාව ද පවතින්නේ අවම පහසුකම් සහ දැණුම සහ තාක්ෂණයෙන් දුප්පත් අඩියකය.එසේත් නැත්නම් භාවිතාවට අවශ්‍යය භෞතිකමය සාධක ඇහිරුණු තැනකය.ඒවායෙන් ක්‍රීඩාව මිදෙන්නට ජාත්‍යන්තර මට්ටමේ නිරන්තර තරගකාරීත්වය අවශ්‍යය වන අතර එසේම විදේස පුහුණුවද වැදගත් ය.උදාහරණයකට ශ්‍රී ලංකාවේ පැනීමේ ඉසව් සදහා කියුබානු පුහුණුකරුවන්ගේ ප්‍රවේශය සමඟ එම ඉසව්වේ දක්ෂතා ඉදිරියට ආ හැටි උදාහරණයකට ගත හැකිය.ඒ ඔවුන්ගේ දැණුම පරිශීලණය කරන්නට අවශ්‍යය භෞතික පහුසකම් ප්‍රමාණවත්ව නැති තත්ත්වයක් ඇතුළේය.
එසේම වර්ථමානයේ ලෝකයේම දෑස් යොමු වී තිබෙන ලාංකේය කෙටි දුර ධාවන සූර යුපුන් අබේකෝන් මෙන්ම උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංකගේ දක්ෂතා ද මේ සඳහා උදාහරණයකට ගත හැකිය.ඔවුන් ජයග්‍රහණයෙන් පසුව ලාංකේය පොළව මත ඉසව්වේ වර්ධනයට අවශ්‍යය උනන්දුව ක්‍රීඩක මනසේ තැන්පත් කිරීම සාමාන්‍ය තත්ත්වය ය.යුපුන්ගේ මීටර් 100 වාර්තාව වන තත්පර 9.96 අද මීටර් 100 දුවන ක්‍රීඩකයාගේ ඉලක්කය වී ඇත.එමෙන්ම මීටර් 2-30 උස පැනීම ලංකාවේ උස පනින්නන්ගේ සිහිනය කරන්නට උෂාන් සමත්ව ඇත.නිලානිගේ තරග ප්‍රතිපල සමාලෝචනයට ගත්තේ ඇයව තරගාවලියෙන් ඉවතට තල්ලු කර දැමූ ඇය සහභාගි වූ මූලික තරගයෙන්ය.
එම මූලික තරගය මීටර් 3000 කාන්තා බාධක දිවීමේ ඉසව්ව වෙනුවෙන් අවසාන තරගයට තෝරා ගැනීම සඳහා පැවත් වූ මූලික තරග අතරින් වේගවත්ම තරගය විය.එය ද නිලානිට මෙහිදි සිය ශක්තිය සහ දරා ගැනීම කළමණාකරනය කර ගැනීම කෙරෙහි බලපෑවේය.කෙසේ ඇය ජීවිතයේ ආරම්භයේ සිට විඳ ඇති දුක් මෙන්ම ක්‍රීඩා ජිවිතය තුළ එල්ල වු බාධක ද සැළකිල්ලට ගනිද්දී නිලානි මේ තරගය සඳහා ජාත්‍යන්තර මට්ටමේ සුදුස්සන් අතරට එක් වීමම රටටත් ඇයටත් හිමි වූ ජයකි.පැරදුණේ ඇයට වඩා වැඩ පිළිවෙලක් නැති රටේ ක්‍රීඩාවය.එවැනි ක්‍රීඩා පසුබිමක් ඇති රටක සහභාගීත්වයට සුදුසුකම් සැපිරීම යන්නම ජයග්‍රහණයකි.
තරගයේ ප්‍රතිපලවලට මෙන්ම එහි ධාවනය සම්බන්ධ විවරණයකට ද මේ ලින්ක් එක හරහා පිවිසෙන්නට හැකියාවය ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan