Friday, August 19, 2022
spot_img
spot_img

Latest Posts

මෙරට දේශපාලන අර්බුදය ගැන ඉන්දීය දේශපාලන පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා !

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් ඉන්දියාවේ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට ඉන්දීය මධ්‍යම රජය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා ලබන අඟහරුවාදා පස්වරු 05.30 ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටයි තීරණය කර තිබෙන්නේ.

ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ දේශපාලන පක්ෂවලට ආරාධනා කර තිබෙනවා.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා විසින් මෙම සාකච්ඡාවේදී මෙරට අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් සිදු කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

UN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.