ලබන අවුරුද්දත් අමාරුයි, ගොඩක් අයට රැකියා නැතිවෙන්නත් පුලුවන් – වැ.බ. ජනාධිපති

Date:

රසායනික පොහොර තහනම පැනවීමට පෙර මෙරට වාර්ෂික සහන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 24 ක් ලෙස පැවති නමුත් මේ වනවිට එය මෙට්‍රික් ටොන් 16 ක් දක්වා අඩු වී ඇති බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රට දැවැන්ත ආහාර හිගයකට මුහුණ දී සිටින බව පෙන්වා දෙන වැඩබලන ජනාධිපතිවරයා පවසන්නේ යුක්රේන අර්බුදය හේතුවෙන් ආහාර හිගය තවදුරටත් තීව්‍ර වූ බවයි.

ලබන මහ කන්නය සඳහා රසායනික පොහොර ආනයනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් අවශ්‍ය බවත්, මේ වනවිට මිලියන 300 ක් සොය ගැනීමට හැකි වී ඇති බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

මෙම වසරේ ආර්ථික වර්ධනය 06% කින් පහළ යනු ඇති බවට පුරෝකතනය කර ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ලබන වසරද ඉතා අසීරුවෙන් ගෙවා දැමීමට සිදුවනු ඇති බවත් ඔහු පවසනවා. ලබන වසරේදී රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වනු ඇති බවද ප්‍රකාශ කරයි.

ගෝලීය කුසගින්න සහ සාගතය මැයෙන් පැවති ජාත්‍යන්තර සමුළුවකට එක්වෙමින් මෙම කරුණු සඳහන් කළ වැඩබලන ජනාධිපතිවරයා අවධාරණය කළේ සමස්ත ලෝකයටම දැඩි බලපෑමක් වී ඇති යුක්රේන අර්බුදය ඉතා ඉක්මනින් අවසන් වියයුතු බවයි. යුද්ධය තවදුරටත් පැවතියහොත් තෙවැනි ලෝකයේ රටවල පුද්ගලයන් විශාල ප්‍රමාණයක් කුසගින්නේ මියයනු ඇති බවද වික්‍රමසිංහ මහතා පවසනවා.

බටහිර රටවල් විසින් රුසියාවට පනවා ඇති සම්බාධක හමුවේ වඩාත් අසරණ වී සිටින්නේ රුසියාව නොව තුන්වැනි ලෝකයේ දුප්පත් රටවල් බවද වික්‍රමසිංහ මහතා සමුළුව අමතමින් සඳහන් කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...