ටෝකන් කැලේ – අපි පෝලිමේ ! දිනෙන් දින උග්‍ර වන ඉන්ධන අර්බුදය (Video)

Date:

මාස කිහිපයක් තිස්සේ පවතින ඉන්ධන අර්බුදය මේ වනවිට උග්‍ර තත්වයට පත්ව තිබෙනවා. අර්බුදයට විසඳුම් ලෙස ඉන්ධන බෙදාහැරීම සඳහා විශේෂ වෙබ් අඩවියක්ද විවෘත කර තිබෙනවා. ඉන්ධන පාරිභෝගිකයන්ට අදාල වෙබ් අඩවිය හරහා ලියාපදිංචිවීමෙන් අනතුරුව පෝලිමේ නොසිට ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතින බවයි බලශක්ති ඇමතිවරයා පවසන්නේ.

මේ වනවිට අදාල වෙබ් අඩවිය හරහා ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරමින් තිබෙන අතර කෙසේ නමුත් ඊට අදාලව ඉන්ධන නිකුත් කිරීම තවමත් ආරම්භ වී නොමැත. ලියාපදිංචි කටයුතු අවසන් කිරීමෙන් අනතුරවු තවත් දින කිහිපයකින් ඉන්ධන බෙදාහැරීම ක්‍රමවත් ලෙස සිදු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඉන්ධන පෝලිම් ආශ්‍රිතව ඇතිවන ගැටුම්කාරී තත්වයන්, උණුසුම් සිදුවීම් දිනපතා වාර්තා වේ. මොනරාගල ප්‍රදේශයේ ඉන්ධහලක් වෙත ලැබී තිබූ ඉන්ධන පැය 24 කට වැඩි කාලයක් තිස්සේ නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් උණුසුම් තත්වයක් ඇතිවිය. පොලීසියටද තත්වය පාලනය කරගත නොහැකි වූ අතර පෝලිමේ රැඳී සිටි පුද්ගලයන් සඳහන් කළේ ඩීසල් ලබා ගැනීම සඳහා දින 22 ක් පෝලිමේ සිටි බවයි.

මාස දෙකක් තිස්සේ තම ජීවනෝපාය අහිමි වී ඇති බවත්, ඩීසල් ලැබී තිබියදී පවා ඩීසල් නිකුත් කිරීම ප්‍රමාද කිරීම බලවත් අසාධාරණයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...