කෙහෙළිය සෞඛ්‍ය ඇමතිකමෙන් ඉවත් කර වහාම ස්වාධීන පරීක්ෂණයක් කළ යුතුයි – අනුර (VIDEO)

Date:

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති තත්වය සහ විශේෂයෙන්ම බාල ඖෂධ ගෙන්වීම පිළිබඳ මතුව ඇති සාධාරණ සැකය අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාව සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර වහාම ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අමාත්‍යවරයා, සමහර නිලධාරීන් ඇතුළු බොහෝ කණ්ඩායම් විවිධ බාල බෙහෙත් ගෙන්වා තමන්ට යම් මුදලක් උපයා ගැනීමේ තත්වයක් නිර්මාණය කරනවාද කියන සාධාරණ සැකයක් තිබෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා මින් ඉවත්කොට වහාම ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනෙ, මෙම ජීවිතවලට වන්දි ගෙවන්න ඕනෙ. මොකද මම දැක්කා කෙහෙළිය රඹුක්වැල්ල කියනවා ඇස් අන්ධ වුණාට වන්දි ගෙවනවා කියලා. ඇස් දෙකකට ගෙවන්න පුළුවන් වන්දිය මොකක්ද ? ඇස් දෙකකට ගෙවන්න පුළුවන් වන්දිය නැවත පෙනීම විතරයි. ඊට මෙහා වන්දියක් නෑ. ඒගොල්ලො හිතනවා මේ සියල්ල මුදල් මත තීරණය කරන්න පුළුවන් කියලා, මිනිස්සු මැරෙනවා වුණත් මේවා මුදල් මත තීරණය කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේ උද්දච්ඡ පාලකයින්, ජනතාවගේ ජීවිත ගැන පයිසයකට මායි කරන්නෙ නැති මේ පාලකයින් පළවා හරින්න ඕනෙ”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (16) මහනුවරදී පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැදෙන ගස්

නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW: අවුරුදු 15 න් පහළ...

ඔබාමාගේ මැතිවරණ ව්‍යාපාරයට කරන ලද නීති විරෝධී පරිත්‍යාග හේතුවෙන් ෆියුගීස් රැප් ගායක ප්‍රාස්ට වසර 14 ක සිර දඬුවමක් නියම කෙරේ,

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ග්‍රැමී සම්මානලාභී...

ගෝල්ෆේස් අරගලය මර්දනය කළේ ප්‍රජාතන්ත්‍රවාදීවයි. අරගලයේ ඉල්ලීම් තුනම දුන්නා – රනිල්

සටහන - රුවන් නෙළුගොල්ල 2022 වසරේදී තමන්ගේ පාලනය තුළ ගෝල්ෆේස්...

පකිස්ථානය ඇෆ්ගන් සටන්කරුවන් 23 දෙනෙකු ඝාතනය කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පාකිස්ථානය විසින්...