*
Thursday, November 7, 2024
spot_img

Latest Posts

ඉකුත් සියවසේ ජය මාවතට හරස් වෙන සහස්‍රයේ ටෙනිස් විශ්මය

කලකට පසුව ලෝක ටෙනිස් වර්ගීකරණයේ පළමුවැනි සහ දෙවැනි ස්ථානයන්හී සිටින දෙදෙනාම විම්බල්ඩන් අවසන් තරගය නියෝජනය කරන දුර්ලභ මොහොතක් උදා කරන්නට නොවැක් ජොකොවික් සහ කාර්ලෝස් අල්කරාස්ට හැකි වූහ.හිටපු අංක එකේ ක්‍රීඩකයා මෙන්ම වත්මනෙහි අංක දෙකේ සිටින ක්‍රීඩකයාද වන ජොකොවික්,හත්වරක් විම්බල්ඩන් සූරතාවයේ පහස ලැබ ඇති ටෙනිස් හී දේව වරප්‍රසාදයක් බඳු විම්බල්ඩන් සූරතාවය ගැන යළිත් සිහින දකිමින් එක් පසෙකය.තවමත් විසි හැවිරිදි අල්කරාස් මේ මොහොතේ ඉතාම අඩු වයසෙන් තමාගේ ක්‍රිඩාවේ අංක එකට පැමිණ සිටියේය.ජොකොවික් 1987 මැයි 22 වන දින උපත ලද 36 හැවිරිදි අයෙකි.අල්කරාස් 2003 මැයි මස 5 වන දා ඉපිද ඇත.
දෙදෙනා උපත අනුව ශත වර්ෂ දෙකක අයය.අලුත් සහ පරණ වෙන්නේ මේ කාලයත් සමඟය.ඇත්තටම සහස්‍රයේ ඉපදුණ අල්කරාස්ලා නවීනය.එසේම ඔවුන්ට උපතින්ම ඉකුත් වූ ශත වර්ෂය ඉකුරු කර ඇත්තේ ඔවුන්ට වඩා විසල් අභියෝගය.ඒ නිසාම ඔවුන් ගැටෙන ලෝකය හිතන පතන ආකාරය ද පළල්ය.ඇඟිළි තුඩු අඟට තාක්ෂණය ගෙන පැතලි කුඩා තිරයකට ඔවුන්ගේ ජීවිතය හිරව ඇති බව සිතුවද,ඒ පටු සීමාව ඉකුත් ශත වර්ෂය ජීවත් වූ ලෝකයට වඩා පළල්ය.දැනුවත්ය.වෙනස ඇත්තේ භාවිතා කරන්නාගේ භාවිතයේය.


විම්බල්ඩන් අවසානයේ ඇත්ත ඒ පළල් සිතීමේ මායිම අත්දැකීමෙන් සීමා කරන්නට හැදූ ජොකොව්ක්ගේ උථ්සාහය ව්‍යර්ථ කිරීමක් විය.තරුණ වූ ජවයම නොවුණු ක්‍රීඩා රටාවේ තාක්ෂණය,උපායශීලී බව ඇතුළු සියල්ල ද,අත්දැකීම්වල බරට එකතු වූ අප්‍රමාණ දරා ගැනීම ද විසි හැවිරිදි තරුණයාගෙන් පිළිබිඹු වීමකි.වේගවත් ප්‍රහාරයන්ගෙන් ජොකොවික් දෙවැනි කිරීමට වඩා අල්කරාස් සිඳු කළේ මහා අත්දැකීම් ගොන්නක් පුරවා ගෙන සිටි ජොකොවික්ගේ කාලය අතික්‍රමණය කර ඒ හැකියාව උකහාගෙන දෙවැනි කිරීමය.
තරගය පුරාවටම වේගය හරහා අල්කරාස් මඬින්නට ජොකොවික් උත්සාහ ගත්තද අල්කරාස් ජොකොවික් සම්මුඛයේ වේගය වෙනුවට යොදා ගත්තේ විවිධ ආකාරයට ඒ මොහොතේ නිවැරදි අවශ්‍යයතාවයට සමීප වීමය.අවුරුදු 16 දී පමණ 2020 දී සිය වෘත්තීය ටෙනිස් දිවියට පිවිසෙන අල්කරාස් වයස 17 දී ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ප්‍රධාන තරග නාම ලේඛණයට නම ඇතුළත් කරගන්නේ ඒ සඳහා ඇතුළත් වූ ලාබාලතම ක්‍රිඩකයා වීමේ භාග්‍යය ද සමඟය.


හැදෙන ගස දෙපැත්තෙන් දැනේ යන කියමන සනාත කරමින් ඉනික්බිති මැඩ්රිඩ් විවෘත ටෙනිස් තරගාවලය ජයගත් ලාබාලතම ක්‍රීඩකයා බවට ඔහු පත්වන විටත් අවුරුදු 18 කි.ඔහු ඒ දේ කරමින් එතෙක් එම වාර්තාව වාර්තා පොතේ දරා සිටි සිය රටේ ටෙනිස් පරමාදර්ශය වූ නඩාල්ව අභිබවා යන්නේය.ඔහු ඒ පෙළහරත් සමඟ වයස 18 දී 8 ලාබාලතම ක්‍රිඩකයා ලෙස ශ්‍රේණිගත කිරීම්වල මුල් සියය අතරට පැමිණියේය.ඒ නිසා අල්කරාස් රැයකින් හැදුණ අහම්බයක් නොවේය.ජවයම පමණක් නොවුණ හැකියාවට ශිල්පීය ඥාණය මුසු වූ අපූරු භාණ්ඩයක්ය.දවසින් දවස මිල වැඩිවන දීප්තිය වැඩිවන තව කාලයක් ඒ දීප්තියෙන්,බලයෙන් කළමණාකරණය වූ ටෙනිස් ජීවිතයේ අනාගතයේ අදට වඩා වාර්තා ගොඩක නම පටලවා ගත හැකි පරමාදර්ශි ලකුණු සියල්ල ඔහු පෙන්වමින් සිටින්නේය.
ජොකොවික් මේ වන විටත් ටෙනිස් ඉතිහාසයේ හැමදාම නම පවතින පුරාවෘත්තයකි.විම්බල්ඩන් ඉතිහාසය ගත්තද හත් වතාවක් එම කිරුළ දිනා තිබීම එම පුරා වෘත්තයට කදිම නිදසුනක්ය.ඔහු අල්කරාස් හා විම්බල්ඩන් අවසන් සටනේදී යොදා ගත්තේ පුරාවෘත්තියක් බවට පත් වන්නට ඔහුගේ ටෙනිස් ජීවිතය තුළ උපයාගත් සමස්තය ය.එහෙත් ලෝක සූර අල්කරාස්ට අවුරුදු 20 දි එය පාලනය කරන්නට තිබුණ හැකියාව ඔහුගේ සම්පූර්ණ හැකියාව නෙවේය.
නඩාල්,ජොකාවික් වැන්නන් විසින් ඉතිහාසයේ උපයාගත් ජයග්‍රහණවලට බල පෑ සුවිශිෂ්ඨ බව අවශෝෂණය කරගෙන උපන් සහස්‍රයේ තරු ලකුණු වඩාත් දීප්තිය.අලුත් ගස්වලට වැඩෙන්නට පරණ ගස් ඉවත් විය යුුතු බිමක් බවට ලෝකය පත්වෙමින් තිබෙන්නේය.

අලුත් ගස්වලට පරණ ගස් කඩා නොවැටී සෙවණ රැකවරණය දෙන සුළං වලට ඔරොත්තු දෙන පාඩම් කියා දීමට කාරුණික වීමෙන් ඔබ්බට ඔවුන් ක්‍රියා කරන්නේ කෙසේද යන්න ඇඟිල්ලෙන් ඇන ඇන කියා දෙන්නට නොයා යුතුය.ඔබ හරියට බලා ගන්නේ නම් අලුත් ගස් වැඩෙන හැටි නිදහසේ තීරණය කරනු ඇති බව අල්කරාස්ගේ ප්‍රබුද්ධ ක්‍රීඩා විලාශයේ ප්‍රකාශනයයි.
කෙසේ හෝ සියවසේ අපූරුම ටෙනිස් අත්දැකීමක් බවට පෙරැලූ අල්කරාස්ගේ විම්බල්ඩන් ජය වෙනුවෙන් තරුණයා දරා සිටි පැය 4.42 කාලය කියා පාන්නේ වයස අභිබවා ගිය සංයමයක්ය.ශික්ෂණයක්ය.මෙතරම් ඉක්මණට එතරම් ඉවසීමකින් ජයග්‍රහණය වෙනුවෙන් ඉවසීම අල්කරාස් ප්‍රගුණ කර ඇත.එය අනාගතයේ මීට වඩා අල්කරාස් ගැන ලියන්නට අකුරු ඉතුරු කර ගන්නට කරන සාඩම්බර නිවේදනයක්ය.සහස්‍රයේ පූර්ණත්වය අල්කරාස් ඒ පරමුපරාව වෙනුවෙන්ම පැහැදිළි කළ විම්බල්ඩන් සටන ඇත්තටම ඔහු පමණක් නොව ඒ පරම්පරාවේම ජයග්‍රහණය සබැඳි විශ්වාසය සහ හැකියාව කියා දුන් පාඩමක්ය.අලුත් පරම්පරාවට ගරු කරන්නට,ඉඩ හදන්නට පරණ ශත වර්ෂයට කරපු ආරාධානාවක්ය.


වට පහක් පුරා ගිය සටනේ දී ජොකොවික් සිය අත්දැකීම් සියල්ලම නොමසුරුව යොදා ගෙන වට දෙකක ජය 6- 1 සහ 6-3 ක් ලෙස අත් කර ගත්තද,එක් වටයකදී 7(8) – 6 සේ දැඩි අභියෝගයක් ඇති කළ ද අලුත් සියවස සම්පූර්ණයෙන් සසල කර පෙරළා දමන්නට අල්කරාස්ගේ දරා ගැනීම,තාක්ෂණය සහ ජවය ජොකොව්ක්ට ඉඩ දුන්නේ නැත.ඔහු 6- 1 සහ 6-4 ක් ලෙස ද වට දෙකක ජයග්‍රහණය සහතික කර ගනිමින් තරග වට 3-2 ක් ලෙස ඓතිහාසික විම්බල්ඩන් කිරුළට අවුරුදු 20 දී උරුමකම් කියන්නට තරම් භාග්‍යවන්තයෙක් වූයේ භෞතිකව ඔහු තුළ උපයාගෙන තිබුණ ටෙනිස් තාක්ෂණයේ උසස් බව නිසාය.
වෘත්තීය මට්ටමේ තිබිය යුතු නිහතමානී නැම්ම ද අල්කරාස් සතුව ඇති බව ඔහු පැහැදිළි කළේය.ඔහු ජොකොවික්ට ඉහළම ගෞරවය දී කතා කළේය.36 හැවිරිදි ජොකොවික් 26 ට පැමිණ ක්‍රීඩා කරන බවට කළ ප්‍රකාශය ඔහු අගය කළේය.තමන් කුඩා කාලයේදීත් ආදර්ශයක් සේ ගත් ටෙනිස් පුරාවෘත්තය පරාජය කිරීමට හැකිවීම ගැන සතුටු වන තරමට ඒ චරිතය සමඟ සටන් වැදීමේ ගෞරවයෙන්ද අල්කරාස් පිනා ගොස් තිබුණ බව පැහැදිළි කළේය.
“මෙම සුන්දර තරඟාවලියේ ඉතිහාසගත වෙමින්, ක්‍රීඩාවේ පුරාවෘත්තයකට එරෙහිව අවසන් තරඟයක් ක්‍රීඩා කිරීම පැරදුණත් ආඩම්බර වෙන්න කාරණයක්.ඒත් දිනන එක ගොඩක් හොඳයි.මට එය ඇදහිය නොහැකි තරමේ දෙයක්”
අල්කරාස් විම්බල්ඩන් රාජකීයත්වය මෙන්ම ජොකොවික්ගේ ශ්‍රේෂ්ඨත්වය ද එකවර අභිබවා යාමෙන් පසුව පැවසීය.ඒ ශ්‍රේෂ්ඨත්වයට එක්වීමට තිබුණ රොජර් ෆෙඩරර් ගේ අට වතාවක් විම්බල්ඩන් සූරයා වීමේ අවස්ථාවත් ජොකොවික්ට මඟ හැරී තිබිණ.ඒ වගේම ජොකොවික්ගේ ටෙනිස් ජීවිතයට හෙට අල්කරාස් තවත් බොහෝ දේ මඟ හරවනු ඇති බවත් ඒ ජයග්‍රහණයේ තිබුණ අපූරු දරා ගැනීමේ ශක්තියෙන් තහවුරු කර ගන්නට අපහසු නැත.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan