ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රධාන බලවේගය අපි – අකිල

Date:

කොළඹ LNW:ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට සියලු දෙනා එක්විය යුතුවන අතර එහි ප්‍රධාන බලවේගය එක්සත් ජාතික පක්ෂය බවට පත්කිරීම බලාපොරොත්තුව බව එජාප උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙල සමඟ සියලු දෙනා පෙළගැස්වීම අපේක්ෂා කරන බවයි කාරියවසම් මහතා සඳහන් කරන්නේ.

මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය,මතවාදය ජයග්‍රහණය කර තිබෙන බවයි ඔහු පවසන්නේ.

”පහුගිය කාල පරිච්ඡේදයෙ රට ව්‍යසනයකට ඇද වැටෙන මොහොතේදී, පෙට්‍රල් ඩීසල් නැතුව ජනතාව මහ පාරේ ප්‍රශ්න ඔලුවේ පුරවාගෙන මිරිකිලා ඉන්නකොට කිසිවෙක් මේ රට භාර ගන්නට ඉදිරිපත් නොවෙද්දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ආණ්ඩුව භාර අරගෙන ජනාධිපති ධූරය භාර අරගෙන මේ රට ඉදිරියට අරගෙන යනවා.බොහෝ අය කල්පනා කළේ මේ රට ඉදිරියට අරගෙන යාමට හැකියාවක් නැති වෙයි කියලයි. එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය, මතවාදය, වැඩපිළිවෙළ ජයග්‍රහණය කරලා තිබෙනවා. ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයට අපි හැමෝම එකතු විය යුතුයි. අපිට අවශ්‍ය ඊළඟ පුළුල් බලවේගයේ ප්‍රධාන පක්ෂය එක්සත් ජාතික පක්ෂ වීමයි. අපිට අවශ්‍ය වන්නේ මේ යන වැඩපිළිවෙළ තුළ මේ නායකයන් සියලු දෙනා පෙළගස්වමින් ඉදිරියට රැගෙන යාම යි. ජනතාව කල්පනා කරනවා කාටද මේ රට ඉදිරියට අරගෙන යන්න පුළුවන් කියලා. ලෝකෙත් එක්ක ඉදිරියට ගිහිල්ලා, මේ රට ලෝකෙ ඉදිරියට ගෙනයන්නට පුලුවන් නායකයා කවුද කියලා මේ රටේ ජනතාව කල්පනා කරනවා. පක්ෂ දේශපාලනයෙන් බැහැර ව ජනතාව ඊළඟට ඡන්දය පාවිච්චි කරන්නේ. දැන් හැම පුරවැසියෙක්ම මේ රට ගොඩනගන දැක්ම, මතවාදය සහ බලවේගය එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන බව විශ්වාස කරනවා. රට ක්‍රමිකව ඉදිරියට යනවා. පෙට්ට්‍රල්, ඩීසල් මිල අඩු වෙනවා. පොලී අනුපාතය 9% ත් 12% අතරට පැමිණෙන බවට පුරෝකථනය කරල තියෙනවා. ඩොලරය ඉහළ යද්දී ඊට වඩා වැඩි වේගයෙන් පහළට ඇවිල්ල තිබෙනවා. රටේ ජනතාවගේ අමාරුකම් එන්න එන්නම අඩුවෙමින් තිබෙනවා. පොහොට්ටුව වෙන්න පුළුවන්, සමගි ජන බලවේගය වෙන්න පුළුවන්, සියලු දෙනාම එකතු කරගෙන, ශක්තිමත් කරගෙන එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් බව ඇති කරගෙන පොදු සන්ධානයකින් ඉදිරියට යාමට හැකියාව අපිට තිබෙනවා.”යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...