බැංකු තැම්පතුකරුවන් ආරක්ෂා කළ යුතුයි  – සියඹලාපිටිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මෙම පාර්ලිමේන්තු සතියේ දී පැවැත්වීමට නියමිත අතර , මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ සෑම බැංකුවක්ම තැන්පත්කරුවන්ගේ තැන්පත් වෙනුවෙන් රක්ෂණයක් ඇති කිරීම අනිවාර්ය කරන බවයි.

තවද, බැංකු විශේෂ විධිවිධාන පනත සමස්ත රටේම ආර්ථික ස්ථායිකරණයට ඉතාම වැදගත් බවත් , මෙහි  ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනදාට වඩා ශක්තිමත් නීතිමය රාමුවක් සෑදීම බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි .

“බැංකු විශේෂ විධිවිධාන පනත සමස්ත රටේම ආර්ථික ස්ථායිකරණයට ඉතාම වැදගත්. මොකද්ද මේකේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව. වෙනදාට වඩා ශක්තිමත් නීතිමය රාමුවක් හදලා දෙන එක විශේෂයෙන්ම කරන්නේ. අපේ රටේ බැංකු තැන්පත්කරුවන් ඉන්නවා පන්කෝටි හැත්තෑ දෙලක්ෂයක්. මේ අයගේ මුදල් තියෙනවා රු ත්‍රිලියන 15ක්. මෙන්න මේක ආරක්ෂා කරගන්න ඕනේ. පහුගිය දිනවලත් තිබුණේ මේ තැන්පතුවල ආරක්ෂාව ගැනනේ මහා ආන්දෝලනයක්. අපි දැක්කා බොහෝවිට මුල්‍ය ආයතන අසීරුවට පත්වුණාම තැන්පතුකරුවන් මුහුණදෙන තත්ත්වයන්. මේ අලුත් පනතින් වෙන්නේ මුල්‍ය ආයතනයක ස්ථායිතාවය යම් ආකාරයකට අඩුවෙනවා නම් එදාට වඩා ඍජුව මහ බැංකුවට වහාම ඒකට මැදිහත් වෙන්න පුළුවන්. ඊට වඩා ඍජු වැඩපිළිවෙලක් මහ බැංකුවට ඒකට යොදන්න පුළුවන්. වැදගත්ම දේ හැම බැංකුවක්ම තමන්ගේ තැන්පතුකරුවන්ගේ තැන්පතු වෙනුවෙන් රක්ෂණයක් ඇති කර ගැනීම අනිවාර්ය කරනවා මේ පනත මඟින්. ඒ තුළින් බැංකු තැන්පතුකරුවන් ඉතාම ආරක්ෂාකාරී තැනකට පත්වෙනවා තමන්ගේ තැන්පතු සම්බන්ධයෙන්…”

ලෙස පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව ධනවත්ම පුද්ගලයා වශයෙන් එලෝන් මසක්ට තිබු කිරුළ ලැරී එලිසන්ට හිමි වී නැවත මසක් සතුවේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව ධනවත්ම...

මාකදුරේ මධූෂ්ගේ ඝාතන සිද්ධිය යළි කරළියට. බිරිඳ විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි!

කොළඹ LNW: කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ සිටිය දී ඝාතනයට...

පරණ සෙල්ලම් අවසන්. ප්‍රවාහනයේ ආරක්ෂාව සහතික කරන්න රජයෙන් තීරණ රැසක්!

කොළඹ LNW:ඉහළ යන බිහිසුණු අනතුරු වැළැක්වීම සඳහා රජය් විසින්...

සජබ මන්ත්‍රී ප්‍රසාද් මාලිමා මන්ත්‍රීනී ලක්මාලිගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල තමන් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද...