තිස්ස අත්තනායක ගමන් ගත් මෝටර් රථය අනතුරක. ඔහු ඇතුළු තිදෙනෙකු රෝහලට

0
311

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් ජීප් රථය අද (18) උදෑසන අනතුරකට ලක්ව තිබේ.

ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය සහ තවත් මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් වාර්තා විය.