ජයගමු ශ්‍රී ලංකා කළුතරට !

Date:

කම්කරු හා විදේශ රැකියා අමත්‍යංශයේ දීපව්‍යප්ත ජංගම සේවාවේ කළුතර දිස්ත්‍රික් වැඩසහන ජූලි 18 ( අද) සහ 19 (හෙට) යන දෙදින තුළ මතුගම මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.

දින දෙකක් පුරා පැවැත්වෙන මෙම වැඩ සටහනේ සමාරාම්භක අංගය ලෙස විගමණික ශ්‍රමිකයන් ඇගයීමට ලක් කරන ” විගමණික හරසර” වැඩ සටහන පැවැත්වීමට නියමිතය. ඊට අමතරව විදෙස්ගත ශ්‍රමිකයන්ගෙ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, පාසැල් උපකරණ සහිත බෑග් ප්‍රධානය කිරීම, ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් තෝරදෙන ස්මාර්ට් පාසල් පන්තිකාමර සඳහා ස්මාර්ට් බෝර්ඩ් ලබදීම සිදු කෙරෙයි.

ඊට අමතරව ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා මූල්‍ය අධාර ලබාදීම, රැකියා සඳහා විදේශගතවීමේදී වැඩිම අවස්ථා ගණනක් විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ ලියාපදිංචිවූ ශ්‍රමිකයන්ට වවුචර් පත් පිරිනැමීම මෙහිදී සිදු වෙයි.

රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව සඳහා මග පෙන්වන ”ස්මාර්ට් යූත් ක්ලබ්” වැඩසටහනද මෙහිදී පැවැත්වෙන අතර එම වැඩසහටන මගින් වෘත්තීය පුහුණුව සඳහා ජනාධිපති අරමුදලින් ලබාදෙන ප්‍රතිපාදන පිළිබඳ දැනුවත් කිරිමද සිදුවෙයි.

අවිධිමත් ශ්‍රමිකයන්ගේ වෘත්තීය ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කරනා ”ගරු සරු” වැඩසහන, මිනිස් ජාවාරම සහ කම්කරු නීතිය පිළිබඳ කෙරෙනා දැනුවත් කිරිම්ද මෙම ”ජයගමු ශ්‍රී ලංකා” වැඩසහටනට යටතේ පැවැත්වෙයි. ඊට අමතරව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි රැකියා එජන්සි 40 ක් පමණ සිය සේවා කවුළු ප්‍රදර්ශණ භූමියේ පවත්වන අතර එමගින් නවතම විදේශ රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු රැසක් ලබාගැනිමට හැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...