මන්ත්‍රී වලේබොඩගෙන් විශේෂ හෙළිදරව්වක්!

Date:

කොළඹ LNW:කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය නොදෙන්නේ නම් එදිනම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අනාවරණය කළේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (18) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයද සකස් කර තිබෙන බව මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කුමන්ත්‍රණයක් ලෙසයි මන්ත්‍රීවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

ජනාධිපතිවරණයට පක්ෂය විසින් අපේක්ෂකයෙකු ඉදිරිපත්කරන බව පවසමින් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරයාට අභියෝග කරමින් පසුවෙන පසුබිමක මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කර ගැනීම ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමට අභියෝගයක් ඇතිව තිබෙන බවද වලේබොඩ මහතා කියාසිටියේය.

ඒ අනුව මෙම අවිනිශ්චිත බව කළමනාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා සතුව ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු යොදමින් සිටින බව පෙනෙන්නට ඇති බවයි හෙතෙම පැවසුවේ.

මෙම තත්ත්වය ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් කැඳවීම දක්වා රටේ දේශපාලනය වෙනස වීමේ තත්ත්වයක් ගොඩනැගී තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...

ලෝකයේ ලොකුම මකුළු ජනපදය ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ අඳුරු ගුහාවක් තුළ?

සටහන – පුලී නොවැම්බර් 08, කොළඹ (LNW): මෙය පොදු මකුළු...

ඉන්දුනීසියානු පාසල් පල්ලියක පිපිරීමක් හේතුවෙන් 54 දෙනෙකුට තුවාල: සැකකරුට වයස 17යි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියානු අගනුවර...