චීනය විදේශ ආයෝජන ඉලක්කය සම්පූර්ණ කරයි!

Date:

කොළඹ LNW:14 වන පස් අවුරුදු සැලැස්මේ සිට චීනයට ආකර්ෂණය වූ සමස්ත විදේශ ආයෝජන වටිනාකම ඇ.ඩො.බිලියන 700 ඉක්මවා ගොස් තිබෙනවා.

එය එරට 14 වන පස් අවුරුදු සැලැස්මේ ඉලක්කය නියමිත කාලයට පෙර සම්පූර්ණ කිරීමකි.

“14 වන පස් අවුරුදු සැලැස්මේ ඉලක්ක සාර්ථකව සම්පූර්ණ කිරීම” යන තේමාවෙන් චීන රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලයේ අද (18) පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළා.

14 වන පස් අවුරුදු සැලැස්මේ සිට, චීනයේ විදේශ වෙළඳාම විවිධ පීඩනයන්ට ඔරොත්තු දෙමින් ශක්තිමත් හැකියාවක් පෙන්නුම් කර තිබෙනවා. භාණ්ඩ වෙළඳාමෙන් ලෝකයේ පළමු ස්ථානයට පත්ව ඇති අතර, සේවා වෙළඳාමේ පරිමාණය අනුව ලෝකයේ දෙවන ස්ථානයේ පසුවනවා.

මේ අතර 14 වන පස් අවුරුදු සැලැස්මේ සිට, පාරිභෝගික වෙළඳපොළ පරිමාණය අනවු චීනයට හිමි වන්නේ ලෝකයේ දෙවන ස්ථානයයි. මෙම වසරේ එය යුවාන් ට්‍රිලියන 50ක් ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...