පරෙයි රජා 20 වන දා මහවැලියෙන් පියැඹිම අරඹයි

Date:

නිශ්මං රණසිංහ ජූලි 18, කොළඹ LNW:

චරිත කතා වලදි අපට හම්බවෙන්නෙ ගොඩක් වෙලාවට වීරයො.ඒ වීරයො කරපු හොදම දේවල්.ආත්ම කථනයක් කළත් වීරයෙක් වුණාට පස්සෙ ඒ කතාවල තියෙන්නෙ බර දේවල්.ආදර්ශයට ගන්න ඕනිම දේවල්.වීරයො කවදාවත් සාමාන්‍ය විදිහට ජීවත්වෙලාම නැද්ද කියන එක වෙන විදිහකට මම තාත්තගෙන් අහන්නෙ තුනේදි හතරෙදි විතර.එයා කොළඹ ආවම වැඩිපුර අරගෙන එන්නෙ චරිත කතා පොත්.මම දඟළන එක හැරුණම වැඩියම කැමති පොත් කියවන්න.දඟ වැඩියි කියන එක හුඟ දෙනෙක් කියන නිසා වෙන්න ඇති අර වගෙ අසාමාන්‍ය හොඳ කතා මට ගෙනත් දෙන්න ඇත්තෙ.ඒත් හැබැයි අර ප්‍රශ්නය ඇහැව්වම තාත්තා මහා හයියෙන් හිනා වුණා.ආයෙ ඒ විදිහෙ පොත් ගේන එකත් අඩු කළා.


මගේ හිතේ ඉන්න දන්න දන්න තැන්වලදි ළමයින්ටත් කියන අර පොත්වල නොදැකපු වීරවරියක් මම දැන් කාලෙක ඉදලා දන්නවා.එයා ආචාර්ය නදීශා චන්ද්‍රෙස්න.මේ දිනවල ඇය ගැන බොහෝ දෙනෙක් කතා කරන්නෙ ඒ, මෙවර WIPO Global Awards Program හි දී ඇය විසින් නාගරික ප්‍රදේශවල වර්ෂාවත් සමඟ ඇතිවන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා සැලසුම් කරන ලද සුහුරු කාණු (smart drain) පද්ධතිය වෙනුවෙන් සම්මානනීය වූ නිසාය.


මේ වීරවරිය තමන්ගෙ ඉතිහාසය නිතරම වදාළනවා.ඒවා ඇතුළෙ හැබැයි අර අමුතු පිම්ඹුණ ගතියක් නැහැ.ඉතාම සාමාන්‍ය විදිහක් තියෙන්නෙ.සාමාන්‍ය නෑයො ඉදලා.සිඳුවීම් සාමාන්‍යම සාමාන්‍යයි.කොල්ලො හම්බ වෙලා,ආදරය කරලා.අපි හැමෝටම සුලබව දකින්න තියෙන ජීවිතයක් තිබිලා ගෙවලා සහ ගෙවමින් ඉන්න ගමන් ඇය ලෝකය ජය ගෙන.


මම හිතන්නෙ එහෙම වීර චරිත තමයි වැදගත් වෙන්නෙ.බොහෝ දේවල් අධ්‍යාපන ජයග්‍රහණ වෙනුවෙන් අත හැරපු ජීවිත ජයග්‍රහණ වෙනුවෙන් කැප කරපු කෙනෙක් හැටියට පේනවට වැඩිය සාමාන්‍ය ජීවිතයක් ගත කරන ගමන් හැම දෙයක්ම කරලා දිනලා තියෙනවා කිව්වම ඒක ලොකු ආදර්ශයක්.


හමුදාවට බැදිලා,ලක්බිම පත්තරේ ලියලා,කලා විෂයන්ගෙන් තුන් පාරක්ම උත්සාහ කරලා මොරටුව කැම්පස් එකට ගිහිං මේ ආපු ගමන එක්ක ජීවිතයෙ මුහුණ දුන්න සිඳුවීම්වල ආස්වාදය හරිම රසවත්.ඒවා ලියන්න වෘත්තිමය හැඩයකුත් තියෙන නිසා නදීශාට රහට ගලපන්නත් පුළුවන් වෙලා තියෙනවා.


ඒවා අස්සෙ තියෙන හොඳම දේ කිසිම දෙයක් එපා කියන්නෙවත්,නුසුදුසුයි කියන්නෙවත් ඊට ප්‍රතිවිරුද්ධ විදිහෙ අදහසකින් හෙළා දකින්නෙවත් නැතුව සිඳුවීම ඇතුළෙ එයින් ලැබිය යුත් ආලෝකය පත්තු වෙන ස්විච් එක දාන එකයි.නදීශා ඒ ස්විච් එක මේ ජූලි 20 වන ද අපට දා ගන්න කියලා පස්වරු 4.00 ට පවරා දෙන තැන තමයි මහවැලි කේන්ද්‍රය.ඇවිත් අරගෙන යන්න.
සිය ජීවිතය ආස්වාදනය කරමින් දිග හැරෙන නදීශාගේ රහ ලිවිල්ල හඳුන්වලා තියෙන්නෙ පරෙයි රජා හැටියට.ඔබේ කැදැල්ලේ තබා ගත යුතුම පොතක් හැටියට පරෙයි රජා නම් කරන්නෙ මේ අපූර්ව වීර චාරිකාවෙ ඇයගේ ජීවිතය කොපමණ ඔබට සමීපද කියලා දැනෙන නිසයි.වීරත්වය වෙනස් වුණාට ඇය මනුස්සෙක් කියලා ඔබට සමීප බව දැනෙන නිසයි.ඒ විශේෂත්වය එන්නෙ කොතැනින් ද කියන දේ ඔඉට හොයාගන්න එයින් ඉඟි කරන නිසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය වෙනුවෙන් 100%ක බදු පනවන ලෙස ජනධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...

ICC බේරුම්කරණ දකුණු ආසියානු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරයි!

කොළඹ LNW:ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ බේරුම්කරණ(ICC Sri Lanka Arbitration and...

දිවයින පුරා පිහිටි පාසල් විද්‍යාගාර වෙනුවෙන් මිලියන 500ක් වෙන් කරයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : දිවයින පුරා පිහිටි...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 කොළම LNW : ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්...