එස්.එම්. යළි රිමාන්ඩ්!

Date:

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අගෝස්තු මස 01 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

ගොවියන් සඳහා සහනදායී මිලට බෙදා දීමට නියමිතව තිබුණු බඩ ඉරිගු බීජ 2015 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සිය හිතවතුන්ට සහ ආධාරකරුවන්ට බෙදා දීම මඟින් දුෂණය නැමති වරද සිදු කර ඇති බවට හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ.

එවකට එම බඩ ඉරිඟු බීජ මිලදී ගැනීම සඳහා රජය රු. මිලියන 25ක් වැයකර ඇත.

ඒ ආණූආ ලබන අගෝස්තු 01 ට පෙර ග්‍රාමීය මට්ටමෙන් සිටින සාක්ෂිකාර රජයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් කරන ලෙසත් අධිකරණය අල්ලස් කොමිසමට දැනුම් දී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොහොට්ටු මන්ත්‍රී මනම්පේරිට රැඳවුම් නියෝග

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායන ද්‍රව්‍ය...

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...