අපේ පාරම්පරාවටත් එක්ක මේක හානියක් – ක්ලැරන්ස් – රිදම් ඔෆ් දි ගිටාර් සිනමාපටය ගැන ක්ලැරන්ස්ගේ බිරිඳ ශීලා කියයි.

Date:

රෂිකා හෙන්නායක ජූලි 18 කොළඹ LNW :

ලංකාදීප පුවත්පතේ සඳැල්ල අතිරේකයට , ක්ලැරන්ස් විජේවර්ධන කලාකරුවාගේ බිරිඳ ශීලා විජේවර්ධන විසින්, මේ දිනවල අතිසාර්ථකව තිරගත කෙරෙන ක්ලැරන්ස් – රිදම් ඔෆ් දි ගිටාර් සිනමාපටය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.

ඇය පවසා ඇත්තේ, මෙම සිනමාපටය මගින් තමාගේ සහ සැමියාගේ චරිත මෙන්ම තම ප්‍රේම කතාවද බරපතළ ලෙස විකෘති වී ඇති බවයි.

මෙරට කණ්ඩායම් සංගීතයේ ප්‍රබල සලකුණක් වන ක්ලැරනස්ගේ බිරිඳ මේ වන විට වෙසෙන්නේ ඕස්ට්‍රේලියාවේ ය. ඇය තවදුරටත් කියා සිටින්නේ සිනමාපටයට තමන් කැමැත්ත දුන්නද එය පූර්ණ කැමැත්තක් නොවන බවයි. එහි දැක්වෙන කරුණුවලින් තමන්ගේ පවුල අපකීර්තියට ලක්වනු ඇති බවට දියණිය පවසන බව ශීලා විජේවර්ධන කියා සිටී.

තමන් බෞද්ධ පවුලක හැදී වැඩුණු අතර සිනමාපටයේ තමන්ගේ චරිතය කතෝලික දහම වැළඳ කන්‍යා සොයුරියක් වීමට උත්සාහ දරණ බව පෙන්වා තිබීම තම පරම්පරාවටද කරන ලද හානියක් බවයි ඇය අවධාරණය කර ඇත්තේ. තමන් සහ සැමියා ආගම් දෙකකට අයත් වුවත් කිසිදා ආගමික ගැටලු මතු නොවූ බවත් එකිනෙකාගේ ආගමික විශ්වාසයනට ගරු කරමින් ජීවත් බවත් ඇය වැඩිදුරටත් පවසා සිටී.

සිනමාපටය මගින් ක්ලැරන්ස්ගේ සැබෑ චරිතය ඉස්මතු නොවන බවද ඇය සඳහන් කරයි. එසේ ම සිනමාපටයේ ගීත යොදාගෙන ඇති ආකාරයට ගැනද ඇය නොපහන් හැඟීමක සිටින බව එහි අදහස්වලින් සඳහන් වේ.

ඇයගේ අදහස් ….

“අපි වැදගත් පවුලක හැදුණු කෙනෙක්. මගේ තාත්තා ගමේ ආරච්චිලා කෙනෙක්. ඒත් මෙකේ තිබෙන්නේ මම සිස්ටර් කෙනෙක් වෙන්න යනවා කියලයි. අපි දෙන්නා ආගම් දෙකක වුණත් කවදාවත් ආගම් ප්‍රශ්න ඇතිවුණේ නෑ. මට පන්සල් යන්න එපා කියලා නෑ කවදාවත්. මට ආගමට එන්න කියලත් නෑ කවදාවත්. ඉතින් මේක ඇත්තටම හානියක් තමයි අපේ පාරම්පරාවටත් එක්ක“

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කමිදු ගිය නුවණ දුෂාන් ලවා අද්දයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරයේ නිරත ශ්‍රී...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක් !

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව අල්ලස්...

කෝටි 31ක මත්ද්‍රව්‍ය ගුවන් තැපෑලෙන් මෙරටට: කූරියර් පාර්සල් 07ක් ලෙස සකස් කර එවලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW : සීදූව ප්‍රදේශයේ පිහිටි...

පසුගිය දශක කිහිපය තුළ බ්ලොක්බස්ටර් සීමා බිඳලූ සිනමාංග කිහිපයක්!

සටහන – පුලී සැප්තැම්බර් 03, කොළඹ (LNW): The Exorcist, Jaws, සහ...