මිලියන 06 කට මන්දපෝෂණය – වැ.බ. ජනාධිපති ජාත්‍යන්තරයට කියයි

Date:

මෙරට ජනගහනයෙන් මිලියන 06 – 07.5 අතර පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගෝලීය කුසගින්න සහ සාගත වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර සංවාදයකට සහභාගිවෙමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.

රට මුහුණ දී සිටින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සංවාදයට සහභාගි වූ ජාත්‍යන්තර නියෝජිතයන් දැනුවත් කර ඇති වැඩබලන ජනාධිපතිවරයා, ශ්‍රී ලාංකික ජනතාවට සහාය ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා තිබෙනවා.

මෙම සංවාදය සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අබ්දුල්ලා ෂාහිඩ් ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සහ විවිධ රටවල නියෝජිතයන් පිරිසක් සහභාගි වී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ ලෝක බැංකුවේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 14 ක ප්‍රදානයක් සිදු කිරීමට G-7 කණ්ඩායම එකඟ වී සිටින බවයි. එම මුදල් ජනතාවගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් වෙන් කිරීමට නියමිත බවද ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...