පේලේගේ ලෝක කුසලාන අවසන් තරග ජර්සිය ඩොලර් මිලියන 4.9කට අලෙවි වෙයි

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 18:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍
රසීල පාපන්දු පුරාවෘත්තයක් වන පේලේ 1958 FIFA ලෝක කුසලාන අවසන් තරගයේදී පැළඳ සිටි ජර්සිය වෙන්දේසියකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 4.9කට (රුපියල් බිලියන 1.6කට අධික වටිනාකමක්) අලෙවි වී තිබේ.

මෙම ජර්සිය අලෙවි කර ඇත්තේ Sotheby’s වෙන්දේසි ආයතනය විසින් වන අතර, එය පේලේට අදාළ මෙතෙක් වාර්තා වූ ඉහළම වටිනාකමක් සහිත ක්‍රීඩා සිහිවටනය බවට පත්ව තිබේ. කෙසේ වෙතත්, ක්‍රීඩා ලෝකයේ වෙන්දේසියක අලෙවි වූ සියලුම සිහිවටන අතරින් මෙය තවමත් ඉහළම වටිනාකමක් හිමි භාණ්ඩය නොවේ.

එම ජර්සිය පේලේ පැළඳ සිටියේ 1958 ලෝක කුසලාන අවසන් තරගයේදීය. එහිදී එවකට 17 හැවිරිදි වූ පේලේ ගෝල දෙකක් රැස් කරමින් ස්වීඩනයට එරෙහිව 5-2ක ජයක් ලබා දී බ්‍රසීලයට ඉතිහාසයේ පළමු ලෝක කුසලාන ශූරතාව දිනා දීමට නායකත්වය දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...