සටහන – රුවන් නෙළුගොල්ල
බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් බිත්තර නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බවට බිත්තර වෙළඳ සංගමය චෝදනා කරයි.
එම සංගමයේ සභාපති අනුර මාරසිංහ මහතා පවසන්නේ දැනට බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 20ක පමණ අගයක පවතින බවයි.
එසේවෙතත් නිෂ්පාදකයින් ගොවිපලවලින් වෙළඳුන්ට බිත්තර ලබාදීමේදී බිත්තරයක තොග මිල ලෙස රුපියල් 45 – 50 අතර මිලක් අයකිරීම හේතුවෙන් වෙළඳපොලේ බිත්තර මිල රුපියල් 50 ඉක්මවා ගොස් ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.