ශ්‍රීලනිපයේ සහාය කාටද ? – මධ්‍යම කාරක සභාව සවස රැස්වෙයි

Date:

හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දයේදී සහාය ලබාදිය යුත්තේ කාටද යන්න සම්බන්ධයෙන් ශ්‍රීලනිප පාර්ශ්වය මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැත. පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර ප්‍රකාශ කළේ එකඟතාවයකින් ජනාධිපතිවරයා පත්කර ගැනීමට කටයුතු නොකන්නේ නම් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටින බවයි.

කෙසේ නමුත් පොදුජන පෙරමුණේ බහුතරය සහ සමගි ජන බලවේගය එකඟතාවයකට පැමිණ එක් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති නිසා යළිත් සාකච්ඡා කිරීමට ශ්‍රීලනිප නායකයන් තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පස්වරුවේ පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැවීමට පක්ෂ නායකත්වය තීරණය කර තිබේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ බොහෝදුරට ශ්‍රීලනිපයේ සහාය ඩලස් අලහප්පෙරුම මහතාට ලැබෙනු ඇති බවයි.

කෙසේ නමුත් ශ්‍රීලනිප පාර්ශ්වයේ චාමර සම්පත් දසනායක මහතා මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බව ප්‍රකාශ කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...