මත්පැන් ස්ටිකරය ඩිජිටල් කිරීමේදී අති දැවැන්ත වංචාවක්. ශත 12ක් යන වැඩේට ඩොලර් 8ක් ගෙවනවා – හර්ෂගෙන් හෙළිදරව්වක්

මත්පැන් බෝතල් සඳහා හඳුන්වාදී ඇති ස්ටිකරය වෙනුවට ඩිජිටල් මුද්‍රණයක් යොදාගැනීමේදී ස්ටිකරය සඳහා ගිවිසුම්ගත වූ මුදලම ගෙවීමෙන් රටට අතිවිශාල පාඩුවක් සිදුව ඇති බවත් එම පාඩුව වසරකදී සුවසැරිය ගිලන් රථ සේවය සඳහා වැයකරන මුදල මෙන් 8 ගුණයක් බවත් රජයේ මුදල් කාරක සභාවේ සභාපති, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“ඇත්ත වශයෙන්ම ස්ටිකර් ගහන්න ඕනෙ කියන පදනම අතිශයින්ම නිවැරදියි බදු නොගෙවා මිනිස්සු අරක්කු බෝතල්, බියර් බෝතල් විකුණන්න පටන් ගැනීම නිසා. මම දැන් හොයලා බැලුවා ගල් බෝතලයක් රුපියල් 3600ක් වෙනවාලු, ඒකෙන් 1600 ගාණක් බද්ද ආණ්ඩුවට එන. එතකොට ගල් බෝතලයක් වික්කොත් එහෙම බද්ද ගෙවන්නෙ නැතිව ආණ්ඩුවට කීයක්වත් එන්නෙ නෑ, 3600ම විකුණන හාදයාට යනවා. දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නෙ මේ ස්ටිකර් හොරට ගහනවාද කියන වැඩේ. සුරාබදු එකෙන් අහනකොට හොර ස්ටිකර් ගහලා තියෙනවා කියලා ආරංචි වෙනවා කියලා නෑ, නෑ, එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ, ඔක්කොම වාගෙ දැන් හරියට සිද්ධ වෙනවා කිව්වා. හැබැයි දවස් කීපයක් ගියෙ නෑ, මහා විශාල රේඩ් එකක් කරලා මේ මාලඹේ පැත්තේ. මේ ස්ටිකර් එක කොහොමද මේ කට්ටියට ගියේ ? හොරට ගියේ ?

මේ ටෙන්ඩර් එක දෙනකොට දීලා තියෙන්නෙ ස්ටිකර් 1000ක් ඩොලර් 7යි ශත 99කට. ඒ කියන්නෙ ඩොලර් 8ක් වගේ. මගදී මේක මාරුකරලා තියෙනවා ‘නෑ, ස්ටිකර් නෙවෙයි, අපිට මේක ඩිජිටලි ගහලා දෙන්න’ කියලා. විශ්වාස කරන්න, ඩොලර් 8 ඉඳලා ඩිජිටල් එකට මාරු කරනකොට ඩොලර් 8 ම ගෙවනවානෙ මේ මිනිස්සු. ස්ටිකර් 1000 ට ඩොලර් 8 ම ගෙවනවා. මම හොයලා බැලුවා මේ ඩිජිටල් ප්‍රින්ට් එකක් ගහන්න කොච්චර විතර යනවාද කියලා. ඒගොල්ලො කියන්නෙ 1000ක් ගහන්න ඩොලර් ශත 12ක් වගේ යනවා ලු. උපරිම. මේකෙ මහා ලොකු මගඩියක් තියෙන බව තමයි මට පේන්නෙ. මේ ටෙන්ඩර් එක ආයෙ දෙන්න යනවාලු ජනවාරි මාසෙ ඉඳලා 2027. ඇත්ත වශයෙන්ම මේ අහිමි වෙන බද්ද – මගේ ගණනය කිරීම අවුරුද්දකට අපි සුවසැරියට වියදම් කරන ප්‍රමාණය වගේ 8 ගුණයක විතර බද්දක් අපිට අහිමි වෙනවා”

හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (18) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...