මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා බග්ලාදේශයේ විශාලතම ඉස්ලාමිය පක්ෂයේ ලක්ෂ සංඛ්‍යාත ආධාරකරුවන් ඩකා අගනුවරට රැස්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංගලදේශයේ මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා බංග්ලාදේශයේ විශාලතම ඉස්ලාමීය පක්ෂය වන ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයේ ලක්ෂ සංඛ්‍යාත ආධාරකරුවන් ඩකා අගනුවරට රැස්ව ඇති බව වාර්තා වේ.

මෙහිදී ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂය මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් රටේ අන්තර්කාලීන රජයට කරුණු හතක ඉල්ලීමක් ඉදිරිපත් කළ අතර ඒ අනුව, නිදහස්, සාධාරණ සහ සාමකාමී මැතිවරණයක්, මැතිවරණයේදී සමානුපාතික නියෝජන ක්‍රමයක් හඳුන්වා දීමට අවශ්‍ය බව, සියලු සමූහ ඝාතන සඳහා යුක්තිය, අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ පසුගිය වසරේ මහජන නැගිටීම සම්බන්ධ ප්‍රඥප්තියක් ප්‍රකාශයට පත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සහතික කිරීම ආදිය ප්‍රධාන කරුණු අතර වේ.

අගනුවරට රැස් වූ ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂ ආධාරකරුවන් මෙහිදී සඳහන් කර තිබුණේ, මේ පක්ෂය යටතේ රටට කිසිදු වෙනස්කම් කිරීමක් සිදු නොවනු ඇත. සියලුම මිනිසුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ලැබෙනු ඇත. මන්ද අපි ශුද්ධ වූ ග්‍රන්ථය වන කුරානයේ මාර්ගය අනුගමනය කරන බවත්, එහිදී ඉස්ලාමය පාලනයේ මාර්ගෝපදේශක මූලධර්මය වනු ඇත, එහිදී යහපත් හා අවංක මිනිසුන් රට පාලනය කරනු ඇති බවත්, දූෂණයක් සිදු නොවනු ඇති බවත්ය.

1971 බංග්ලාදේශ නිදහස් යුද්ධයේදී පාකිස්තානය සමඟ එක් වූ ජමාත් තහනම් කරන ලදී.

පසුව එය නැවත මතුවී 1991 දී ආසන 18 ක් ලබා ගනිමින් එහි හොඳම මැතිවරණ කාර්ය සාධනය වාර්තා කළ අතර පසුගිය මාසයේ දී, ශ්‍රේෂ්ඨාධිකරණය පක්ෂයේ ලියාපදිංචිය යථා තත්ත්වයට පත් කළ අතර, ලබන අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත මැතිවරණවලට සහභාගී වන ඇත.

මේ සම්බන්ධයෙන් හසීනාගේ අවාමි ලීග් පක්ෂය මෙම රැලියට එරෙහිව තියුණු ලෙස ප්‍රතිචාර දක්වා ඇති අතර ‘X’හි සටහනක් යොදමින් ඔවුන් මෙය ජාතික හෘදය සාක්ෂියට දැඩි ලෙස පාවාදීමක් සනිටුහන් කරන අතර මෙම රැලියට අවසර දීම මියගිය සහ ජීවතුන් අතර සිටින මිලියන සංඛ්‍යාත ජනතාව යටපත් කිරීමේ නිර්ලජ්ජිත ක්‍රියාවක් බවයි සඳහන් කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...