ගංවතුර සහ නායයෑම් නිසා දකුණු කොරියාව කරදරේ!

Date:

රෂිකා හෙන්නායක ජූලි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): :

දකුණු කොරියාවේ දින ගණනාවක් පුරා ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් 12 දෙනෙකු අතුරුදහන් වී ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි .

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , හදිසි ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි .

පසුගිය බදාදා දිනෙන් ආරම්භ වූ වර්ෂාව හේතුවෙන් එරට 10,000කට ආසන්න පිරිසක් සිය නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත ගොස් තිබුන අතර නිවාස 41,000 කට වැඩි ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගංවතුරෙන් මාර්ග සහ ගොඩනැගිලි දහස් ගණනක් හානි වී ජලයෙන් යටවී ඇති අතර, ගොවිබිම් වලට දැඩි ලෙස හානි සිදුවී තිබේ.

ආපදා තත්ත්වයෙන් දරුණුතම බලපෑම එල්ල වී ඇත්තේ එරට දකුණු සහ මධ්‍යම ප්‍රදේශවලට වන අතර ගංවතුර තත්ත්වයෙන් මාර්ග සහ ගොඩනැගිලි දහස් ගණනක් යට වී ඇතැයි ද වාර්තා වේ.

උතුරු ගැප්යොං ප්‍රාන්තයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය අතර දේපළ කිහිපයක් විනාශ වී තිබේ.

තවද සැන්චියොං හි පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු අතුරුදහන් වී ඇති අතර පවතින තත්ත්වය හේතුවෙන් එරට ප්‍රදේශ රැසකට බරපතළ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමටද එරට ආපදා කළමනාකරණ කාර්යාලය පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ අතර දරුණුතම හානියට පත් ප්‍රදේශ විශේෂ ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති ලී ජේ-මියුං නියෝග කර තිබෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව නියෝජ්‍ය පොලිස්පතිවරු 35ක් පත්වෙයි. සිව් දෙනෙක් කාන්තා නිලධාරිනියන්!

කොළඹ LNW:ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පති ප්‍රියන්ත...

අම්මගෙ රටට ගහන ටේලර්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: නවසීලන්ත පුරාවෘත්තයක් සහ ICC...

කෙන්ට් ආදිපාදවරිය වයස අවුරුදු 92 දී මිය යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කෙන්ට් ආදිපාදවරිය වයස...

ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර...