පුටින් ඉරාන සංචාරයක. ඩොලර් මිලියන 40 සංවර්ධන ගිවිසුමක් අත්සන් කරයි.

Date:

යුක්රේන ආක්‍රමණයෙන් පසුව සිය දෙවන විදේශ සංචාරය ලෙස රුසියන් ජනාධිපති විලැමිඩර් පුටින් ඊයේ (19)දින ඉරානයට ගොස් තිබේ.
පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් සිය මැද පෙරදිග සංචාරයේදී ඉරානයේ න්‍යෂ්ටික අවි අතිහදා බැලීම් පිළිබඳ දැඩි වාරණයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ පුටින්ගේ ඉරාන සංචාරය ලෝකයේම අවධානයට ලක්ව තිබේ.

මෙහිදී පුටින් ජනාධිපතිවරයා ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සහ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් හමුවනු ඇති අතර ධාන්‍ය අපනයනය පිළිබඳවත් සිරියාව සහ යුක්‍රේනය සම්බන්ධයෙනුත් නායකයන් දෙදෙනා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ද සාකච්ඡා කළ අතර සිරියාව, ඊශ්‍රායලය සහ දකුණු කොකේසස් වලට අමතරව ද්විපාර්ශ්වික වෙළඳාමෙන් එක්සත් ජනපද ඩොලරය ක්‍රමයෙන් ඉවත් කර ගත් බව වාර්තා වේ. එමෙන්ම මෙම සංචාරය හරහා දෙරට අතර ආරක්ෂාව සම්බන්ධයෙන් ද වැදගත් තීරණ රැසක් ගනු ලැබූ බව ද වාරතා වේ.

රුසියානු බලශක්ති දැවැන්තයා වන Gazprom ඉරානයේ රාජ්‍ය තෙල් සමාගම සමඟ ඩොලර් මිලියන 40 (පවුම් මිලියන 33) වටිනා නව සංවර්ධන ගිවිසුමක් අත්සන් කර තිබේ. තෙල් හා ගෑස් ක්ෂේත්‍රයන් සංවර්ධනය කිීම හා නගා සිටුවීම මෙහි අපේක්ෂාවන් බව කියැවේ. මෙහිදී දෙපාර්ශවය අතර පැවැති සාකච්ඡා වලදී රුසියන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ඉරානය සහ රුසියාව අතර සබඳතා හොඳ වේගයකින් වර්ධනය වන බවත් ජාත්‍යන්තර ආරක්ෂාව, වෙළඳාම සහ සිරියාවේ අර්බුදය සමථයකට පත් කිරීම වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙරට අතර සබඳතා ශක්තිමත් වනු ඇති බවත්ය. එමෙන් ම රුසියාවට පසු ලෝකයේ දෙවන විශාලතම ස්වාභාවික ගෑස් සංචිතය ඉරානය සතු නමුත් විදේශ ආයෝජන වලක්වා ඇති සම්බාධක හේතුවෙන් එහි යටිතල පහසුකම් පුළුල් කිරීමට පසුගාමී වී ඇත.

කෙසේ නමුත් දෙරට අතර වඩාත් සාර්ථක සාකච්ඡා වටයක් නිමා වී තිබේ. මේ සම්බන්ධයෙන් විචාරකයන් අනතුරු අඟවන්නේ එක්සත් ජනපදය ප්‍රමුඛ යුරෝගා රටවල්වලට එරෙහිව ඔවුන් විසින් විවිධ හේතුමත සම්බාධක පනවා දැඩිව පාලනය කිරීමට උත්සහ ගන්නා රටවල් එකමුතු වීම හොඳ තත්වයක් නොවන බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...

මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...