රනිල් දිනුවොත් අගමැති බැසිල් ??

Date:

අද (20) දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කර, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වුවහොත් ඉදිරියේදී අග්‍රාමාත්‍ය ධුරයට බැසිල් රාජපක්ෂ මහතා පැමිණෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙය එක්වරම සිදු නොවුණත් ක්‍රමිකව සිදුවනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂය වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සතුව පාර්ලිමේන්තුවෙහි ඇත්තේ එක් ඡන්දයක් පමණක් වන අතර දැනටත් සමස්ත ආණ්ඩු පක්ෂ යාන්ත්‍රණයම මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසිනි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්කිරීමේ ඡන්ද ව්‍යාපාරය මෙහයවනු ලබන්නේ ද බැසිල් රාජපක්ෂ මහතා විසින් වන අතර ඩලස් – සජිත් එක්ව තරගවදින බව ප්‍රකාශයට පත්කිරීමත් සමග බොහෝ අය තුළ පසුබෑමක් දක්නට ලැබුණු නමුත් බැසිල් පසුබැස්සේ නැත.

එසේම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටිමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධුරයෙහි බලතල යම් ප්‍රමාණයක් අඩුකිරීමට ද නියමිතව ඇති අතර එයින් බලවත් වන අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා නිසි මොහොතේදී ඉදිරිපත් වනු ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...