නාමයෝජනා දීලා රනිලුයි ඩලසුයි අනුර ළඟටයි ආවෙ. අනුර දැනටමත් දිනලා ඉන්නේ – විජිත (VIDEO)

Date:

අද (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ජන මතය අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දැනටමත් ජයග්‍රහණය කර අවසන් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

“අපි මුලින් උත්සාහ කළා දැනට ඉන්න කථානායකවරයා ජනාධිපතිවරයා ලෙස පත්කරගෙන සර්ව පාක්ෂික කෙටිකාලීන ආණ්ඩුවක් හදලා එකඟතාවෙන් යම් කෙටි කාලයක් රට මේ තියෙන අර්බුදයෙන් ගොඩගන්න. ඒකට අනෙකුත් පාර්ශ්ව එකඟ වුණේ නෑ. ඒ නිසා තමයි අපි වෙනම තරග වදින්න තීරණය කළේ. අනුර දිසානායක සහෝදරයා මේ මැතිවරණයට තරග වදින්නේ රටේ ජනතාවගේ ඒ අභිලාෂයන් ඉටුකිරීම සඳහා පොදු ජනතා මතය මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කිරීම සඳහා”

ප්‍රශ්නය – ඔබතුමන්ලා දැනටමත් පරාජය භාර අරන් වගේ ?

“කිසිසේත්ම නෑ. අපි ජනතාවගේ මතයත් එක්ක දැනටමත් ජයග්‍රහණය කරලා ඉන්නෙ. ඔබ දකින්න ඇති නාමයෝජනා භාරදුන්නාට පස්සෙ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාත් රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයාත් කා ළඟටද ආවෙ ? අනුර දිසානායක මන්ත්‍රීවරයා ළඟට ආවෙ. ඒ කියන්නෙ ජනමතය තියෙන්නෙ එතන”

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...