නව රියදුරන් හා කොන්දොස්තරවරුන් හට පත්වීම් ලිපි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්,  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බඳවාගත් රියදුරන් හා කොන්දොස්තරවරුන් හට පත්වීම් ලිපි ලබාදීමේ උත්සවය  ඊයේ(19) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

බස්නාහිර පළාත තුල පමණක් දිනකට බස් රථ 400ක් සේවක හිඟය නිසා ධාවනය කිරීමට නොහැකි වී ඇති අතර එනිසා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි වන බව සඳහන් .

එබැවින්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අලුතින් රියදුරන් 836ක් හා නව කොන්දොස්තර මහතුන් 290ක් බඳවා ගැනීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති අතර ඒ අනුව අද වන විට නව රියදුරන් 532 දෙනකු හා නව කොන්දොස්තරවරුන් 201 දෙනකු සඳහා පත්වීම් ලබා දී ඔවුන් සේවයේ යොදවා තිබෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...