නව අයදුම්කරුවන් 450,000ක් අස්වැසුමට අයදුම් කරලා!

Date:

රෂිකා හෙන්නායක ජූලි 21, කොළඹ (LNW):

නව අයදුම්කරුවන් 450,000 පමණ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා අයදුම්කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එහි සංගණන කටයුතු සිදුකිරීමෙන් පසු කමිටුවක් විසින් අස්වැසුම ලබාගත හැකි අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිත අතර ඉන් අනතුරුව තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා පවතින විරෝධතා සැලකිල්ලට ගැනීමෙන් පසු ඒ සඳහා යම් ඉවත් කිරීමක් ඇත්නම් ඒවා ද සිදුකර අස්වැසුම ලබාගන්නා ප්‍රතිලාභීන් තෝරාගැනීම සිදුකෙරෙන බව පැවසේ.

එහි සංගණන කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බවත් උතුරු පළාත තුළ එය සාර්ථකව සිදුකළ ද එම කටයුතු සඳහා අනෙකුත් පළාත්වල නිලධාරීන්ගේ යම් මැලිකමක් දක්නට ලැබෙන බවත් ,මේ වනවිට ප්‍රතිලාභීන් ලක්ෂ 18ක් පමණ ප්‍රමාණයක් සඳහා අස්වැසුම පළමු අදියර යටතේ දීමනා ලබාදෙන බව වාර්තා වේ.

 කාණ්ඩ 4ක් යටතේ එම ප්‍රතිලාභය ලබාදෙන අතර සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ යන කාණ්ඩ සඳහා මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ලබාදීම සිදුකරයි. “දුප්පත්” කාණ්ඩය සඳහා මාසිකව රුපියල් 8,500ක දීමනාවක් ද “අන්ත දුප්පත්” යන කාණ්ඩය සඳහා මාසිකව රුපියල් 15,000ක දීමනාවක් ද මේ වනවිට ලබාදෙයි. සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ යන කාණ්ඩ 2 සඳහා ලබාදෙන අස්සැසුම ප්‍රතිලභය මෙම වසර් දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිතව ඇති අතර එම කාණ්ඩ 2 යටතේ ලක්ෂ 8ක පමණ ප්‍රතිලාභීන් ප්‍රමාණයක් මේ වනවිටත් දීමනා ලබා ගනිමින් සිටී.

අස්වැසුම දෙවන අදියරේ වැඩකටයුතු අවසන් වූ වහාම පළමු අදියරේ දී අස්වැසුම හිමිවන ප්‍රතිලාභීන්ගේ දත්ත යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුනෙස්කෝ ලෝක උරුමයන්ගෙන් පිරි ඉතාලිය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): "ලෝකයේ වෙනත් ඕනෑම...

Anutin Charnvirakul තායිලන්තයේ නව අගමැති ලෙස පත් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තය සඳහා නව...

විමල්ගේ විරෝධය!

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව ICCPR පනත භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්...