*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරණයට කොමිසම සූදානම් – මහා මැතිවරණයක් ගැන අවසන් මොහොතේත් කතා – රනිල්-නාමල් හමුවක් – නාමල්ගේ විපක්ෂ නායක සිහිනයේ වාසිය සජිත්ට ද? ආණ්ඩුවෙන් පිරිසක් සජබයට – සජබ 18ක් ආණ්ඩුවට? ජනාධිපතිවරණය සැප්තැම්බර් 21

  • ජනාධිපතිවරණයට කොමිසම සූදානම්
  • මහා මැතිවරණයක් ගැන අවසන් මොහොතේත් කතා
  • රනිල්-නාමල් හමුවක්
  • නාමල්ගේ විපක්ෂ නායක සිහිනයේ වාසිය සජිත්ට ද?
  • ආණ්ඩුවෙන් පිරිසක් සජබයට – සජබ 18 ක් ආණ්ඩුවට?
  • ජනාධිපතිවරණය සැප්තැම්බර් 21

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රට තුල ඇත්තේ මහා ව්‍යාකූල ස්වභාවයකි. මොහොතින් මොහොත රටේ දේශපාලනය වෙනස් වෙමින් තිබේ. එසේම ජාත්‍යන්තර මැදිහත්වීම්වල අවසානයක් ද නොමැති තරම්ය. ජනාධිපතිවරණය කල් දැමීමට යන බවට බොහෝදෙනා විශ්වාස කරන අතර කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග පවසා ඇත්තේ ජනධිපතිවරණය නියමිත පරිදි පවත්වන බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය මේ වන විට කැබිනට් මණ්ඩලය අනුමත කර ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. එය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිතය. ඇතැමුන් සැක පහල කරන්නේ එය පාර්ලිමේන්තුවට කඩිමුඩියේ ගෙන එන්නේ කිසියම් හෝ ප්‍රකාශ නොකළ හේතුවක් හෝ කාරණයක් නිසා බවය. එය කුමක් දැයි කවුරුත් දන්නේද නැත. ඇතැම්විට එවැන්නක් නොමැති වන්නටද ඉඩ තිබේ. පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සියයකට වඩා වැඩි බව පැවසේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඒ සියලුදෙනාට විශ්‍රාම වැටුප අහිමි වන බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනවාට මේ නවකයන් කිසිවකුත් කැමති නැත. ඒ කෙසේ වෙතත් මේ මොහොතේ එය නොකලද කවුරුන් ජනාධිපතිවරණය ජයගත්තද පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරීම අනිවාර්ය සිදුවීමකි.ඒ අතරේ ඉදිරි සතියේ පාර්ලිමේන්තුව විසුරුවා මහා මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු කලහොත් ඊටද පුදුමවන්නට කාරණයක් නොමැති තරමට දේශපාලන තලයම ව්‍යාකූලය.

රනිල්ට ඇති වාසි හා අවාසි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව නිල වශයෙන් ප්‍රකාශ කර නැතත් ඔහු ඊට ඉදිරිපත්වන බව මේ වන විට සනාථවී තිබේ.අස්වැසුම, නිවාස වල අයිතිය ලබාදීම හා ඉඩම් ලබාදීම ආදී විවිධ ව්‍යාපෘති හරහා රනිල් මේ වන විට සාමාන්‍ය ජනතාවට යම් දැනෙන දෙයක් සිදු කර තිබේ. එසේම ඉහල මධ්‍යම පන්තිය හා ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය රනිල් දිනා ගෙන තිබේ. එහෙත් ජීවන වියදම හා භාණ්ඩ හා සේවා වල ඉහල ගිය මිල අඩුකරන්නට රනිල් අපොහොසත්වී තිබේ. ඩොලරය අඩුවුවත් ජීවන වියදම හා බඩුමිල අඩුනොවන්නේ විශාල පරිමාණයේ ගසාකෑම් හා වෙළඳ අමාත්‍යංශය හා බැඳුනු විවිධ කාරනා නිසාය. ඉන්දියාවේ ඉන්දීය රුපියල් හතරේ බිත්තරය ( ශ්‍රී ලංකා රුපියල් 15 ) ශ්‍රීලංකාවට ගෙන්වන විට රුපියල් පනහකි. බඩ ඉරිඟු මෙරට වවා හෝ පිටරටින් ආනයනය කර හෝ මෙරට බිත්තර නිෂ්පාදනය කරනවා වෙනුවට ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීම තෝරාගත් වෙළඳ ඇමතිවරු සිටිනා රටක ජනාධිපති රනිල් මොනවා කලත් ඒවායේ ප්‍රතිපල නොමැත. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හා රජයට එරෙහිව පවතින ප්‍රධානතම ජනතා විරෝධය උහුලා ගත නොහැකි ජීවන වියදමය. කිසිදු අත්දැකීමක් නැති ඇමතිවරුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්නට දුන් විට මීටවඩා යහපත් ප්‍රතිපල බලාපොරොත්තු විය නොහැක.

නාමල්ගේ විපක්ෂ නායක සිහිනයේ වාසියත් සජිත්ට

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ හට පොහොට්ටුවේ සහය ලැබීම හෝ නොලැබීම තවමත් පැහැදිලි නැත. බොහෝ අය සිතන්නේ මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පොහොට්ටුවේ සහය තීරණාත්මක බවය. මේ වනවිට පොහොට්ටුවද රනිල්ට සහය දෙන්නේද නොදෙන්නේද යන්න සම්බන්ධයෙන් සිටින්නේ දෙගිඩියාවකය. පොහොට්ටුව වෙනත් අපේක්ෂකයෙක් දැමුවහොත් එහි වාසිය සජිත් ප්‍රේමදාසටය . සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් මීළඟ බොහෝ දුරට විපක්ෂනායක වන්නේ නාමල් රාජපක්ෂය. එය දීර්ග කාලීනව රාජපක්ෂවරුන්ගේ දේශපාලනයට හිතකර වන්නේ 2029 ජනාධිපතිවරනයේදී බලය ගැනීමට එය අත්‍යවශ්‍ය සාධකයක් වන බැවිනි. එසේම මේ අවස්ථාවේ පොහොට්ටුව තරග නොකරන්නට ගන්නා තීරණය තුල එය ජනතාවගෙන් ඈත්වීමට හෝ ජනතාවට අමතකවීමට හේතුවක් වනු ඇත.එවිට ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ඇතිවූ ඉරණමම පොහොට්ටුවටද අත්වෙනු ඇතැයි බොහෝදෙනාගේ අදහසය.කෙසේ වෙතත් ජනාධිපති රනිල් සහ නාමල් රාජපක්ෂ අතර තීරණාත්මක සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් මේ සති අන්තයේ පවත්වා තිබේ.කෙසේ වෙතත් පොහොට්ටුව වෙනම අපේක්ෂකයෙක් ඉදිරිරිපත් කළහොත් පොහොට්ටුව දෙකඩවීම වැළක්විය නොහැක. එයින් පිරිසක් ජනාධිපති රනිල්ට සහය දක්වමින් ඔහු සමග යනු ඇත. එම පිරිසට ඉදිරි ජනාධිපතිවරනයේදී කවර ඉරණමක් අත්වේදැයි පැහැදිලි නැත්තේ ඔවුන්ට එජාපය ප්‍රමුඛ සන්ධානයකින් මහා මැතිවරණයට තරග කරන්නට සිදුවුවහොත් එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ මනාප පොහොට්ටු සාමාජිකයනට ලැබීම සැක සහිත නිසාය. මේ අතරේ මන්ත්‍රීවරු පක්ෂ මාරු කලද පාක්ෂිකයන් එසේ කරාවිදැයි යන්නද සැක සහිතය.

පසුගිය කාලයේ රට තුල ඇතිවූ තත්වයන් අනුව ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්න නිසා දේශපාලන ලබැඳියාවන් වෙනස්වී තිබේ.රටේ සියයට අසූවකට වැඩි ප්‍රමාණයකට ආර්ථික අපහසුතාවයන්ට ලක්ව සිටිති. මෙයින් සියයට හැටක් පමණම සහනාධාර මත එදිනෙදා ජීවිතයේ ප්‍රධාන අවශ්‍යතා සපුරා ගනිති. මේ පිරිසේ ප්‍රධාන අරමුණ එදිනෙදා ජීවිතය ගැටගසා අරමුණ එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමය.

මාලිමාවේ තත්වය

පසුගිය කාලයේ මාලිමාව මෙරට දේශපාලනයේ යම් තරමකට ඉදිරියට පැමිණි බව රහසක් නොවේ. ඒ වන විට රටතුල පැවති තත්වය මත මාලිමාව විකල්පය ලෙස වැඩිපුරම සිතුවේ ගෝඨාභයට ඡන්දය දුන් හට නව ලක්ෂයේ පිරිසෙන් කොටසක් බව බොහෝ දෙනාගේ අදහසය. එය තවමත් එලෙසම පවතීද යන්න මැතිවරණයක් පැවැත්වීමෙන් මිස පරීක්ෂා කල නොහැක. එසේම ජන රැල්ලක් එක ලෙස වසර කීපයක් පවත්වා ගැනීම ලොව කිසිදු දේශපාලන පක්ෂයකට අසීරු කාරණයකි. මේ වන විට පොහොට්ටුව යලිත් සක්‍රිය දේශපාලනයට ක්‍රියාකාරීව අවතීරණය වී තිබේ. රනිල් වික්‍රමසිංහ රට වටා යමින් මැතිවරණ ඉලක්ක කර ගෙන ජනතා සේවා සිදු කරමින් යනු පෙනේ.

සජිත් ප්‍රේමදාස 2019 දී ජනාධිපතිවරණයේදී ලක්ෂ 55 කට වඩා ඡන්ද ලබා ගත්තද 2020 මහමැතිවරණයේ දී ලබා ගත්තේ ඡන්ද ලක්ෂ 27 කට තරමක් වැඩි ප්‍රමාණයකි. ඊට හේතුව ජනාධිපතිවරණය ගෝඨාභය ජයගත් නිසාත් එජාපය දෙකඩ වූ නිසාත් ඇතිවූ තත්වයන්ය. මෙවර එසේ ඡන්දය භාවිත නොකළ එම ලක්ෂ 27 ක පිරිස කුමක් කරාවිදැයි හරියටම කිව නොහැක. මෙරට දුප්පත් ජනතාව සජිත් කෙරෙහි යම් විශ්වාසයක් ගොඩනගා ගෙන තිබේ. ඒ ඔහු රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ පුතු වීමත් , දැනටත් රටපුරා යමින් සිදු කරන මහජන සේවාවත් නිසාය.මේ සියල්ල මත ඉදිරි ජනාධිපතිවරණ ප්‍රතිපල තීරණය වනු ඇත.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21

2024 ජනාධිපතිවරණය ඉදිරි සතියේ ප්‍රකාශයට පත් කරන්නට නියමිතව තිබේ.ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම අගෝස්තු මස මැද භාගයේදී සිදුකිරීමට නියමිත අතර, නියමිත දිනය ඉදිරි සතියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, මැතිවරණය කලින් සඳහන් කළ පරිදි ඔක්තෝබර් 5 හෝ 12 වෙනුවට සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දින 16 සිට 21 දක්වා කාලය තුළ නාමයෝජනා භාර ගත යුතු අතර, මැතිවරණය දින 28 සිට 42 දක්වා පැවැත්විය යුතු අතර, එමඟින් ඡන්ද විමසීම පැවැත්වීමට කොමිසමට උපරිම දින 63ක් ලබා දිය යුතුය.

මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමඟ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ භාණ්ඩාගාර නිලධාරීන් පසුගිය සතියේ සාකච්ඡා පැවැත්වූ අතර එහිදී රුපියල් බිලියන 10 ක ප්‍රතිපාදන අවශ්‍යතාවලට අනුකූලව නිදහස් කරන බවට සහතිකයක් ලබාදී තිබේ.පසුගිය ජනාධිපතිවරණයට සාපේක්‍ෂව වියදම් දෙගුණයකින් වැඩි විය හැකි බව එම රැස්වීමේදී මැතිවරණ බලධාරීන් ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරණයේ සහ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව

මේ අතර, නාමයෝජනා දිනය සහ මැතිවරණයට පෙර පැවැත්වෙන ප්‍රචාරක කාලය සම්බන්ධයෙන් ආරක්ෂක සැලැස්මක් සකස් කරන ලෙස මැතිවරණ කොමිසම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෙන් ඉල්ලීමක් කර තිබේ. පොලිස් නිලධාරීන් සහ වාහන යෙදවීම සම්බන්ධයෙන් සැලැස්මක් ද කොමිසම ඉල්ලා තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින්ගේ පුද්ගලික ආරක්ෂාව වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ සතියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව අපේක්ෂකයින්ගේ පුද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්‍ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට නියමිතය. මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, පොලිස්පති, ජාතික බුද්ධි ප්‍රධානී සහ මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මෙම කමිටුව සමන්විත වේ. මෙය සියලු පාර්ශව එක්ව ගතයුතු තීරණයක් වන අතර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන පක්ෂවල නියෝජිතයකු බැගින්ද මීට ඇතුලත්විය යුතුව තිබේ. පාස්කු ප්‍රහාරයේ වගකීම අවසානයේ රජයේ නිලධාරීන්ටද භාරගන්නට සිදුවූ අතර එම නිසා මෙවැනි තීරණාත්මක අවස්ථාවක හා මැතිවරණයක ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණ අතිශය බරපතල කාරණයක් බවද සඳහන් කල යුතුව තිබේ.

ආර්ථික පනතට සහයෝගයට සජබයෙන් 18 ක්?

ආර්ථික පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට ගෙන විත් ඒ සම්බන්ධ ඡන්ද විමසීම 26 වැනිදා සිදු කරන්නට නියමිතය. එහිදී සමගි ජනබලවෙගයෙන් මන්ත්‍රීවරු 18 දෙනෙකු ඊට පක්ෂව ඡන්දය භාවිත කරනු ඇතැයි රජයේ පාර්ශවයෙන් කියවේ. කෙසේ වෙතත් දැනට මාස ගණනාවක සිට ඒ සම්බන්ධයෙන් කියවුනද සමගි ජන බලවේගයෙන් එලෙස මන්ත්‍රීවරු පැමිණියේ නැත. කෙසේ වෙතත් එසේ සැලකියයුතු මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණීම සිදු වුවහොත් එය රනිල් හට වාසිදායක මෙන්ම සජිත් ප්‍රේමදාසට යම් අවාසියක් ඇති කරනු ඇත. මෙසේ මන්ත්‍රීවරුන් 18 ක් හෝ සැලකියයුතු ප්‍රමාණයක් සමගි ජන බලවේගයෙන් එක්කර ගැනීම පොහොට්ටුවේ සහය ලබාදීමට කොන්දේසිය වී තිබේ.

සමගි ජන සන්ධානය කරලියට

මේ අතර සමගි ජන බලවේගය හා ඊට සහය දෙන පක්ෂ හා සංවිධාන එක්ව සමගි ජන සන්ධානය ඉදිරි සතියේදී පිහිටුවනු ඇත. ඊට ලබන සතියේ තවත් පොහොට්ටු මන්ත්‍රීවරු 10 ක් පමණ එක්වීමට නියමිතය. දෙමල- මුස්ලිම් පක්ෂ ගණනාවක් සාගි ජන සන්ධානයට එක්වීමට නියමිතය. මේ වන විට ආණ්ඩුවේ ඇමතිවරු කීපදෙනෙක්ද සමගි ජන බලවේගය හා සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබේ. මේ සියලු දෙනාගේ අරමුණ කෙසේ හෝ මීළඟ මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමය.

වැඩවර්ජන නීති විරෝධි ද ?

වර්තමානයේ රට තුල ඇතිවී තිබෙන තත්වය හමුවේ ඇතැම් අසාධාරණ වැඩවර්ජන ජනතාවට එපා වී තිබේ. එහෙත් ඒ හරහා ජනතාවගේ මුලික අයිතිවාසිකමක් වන වැඩවර්ජන හෝ සේවක අයිතීන් මර්ධනය කරන්නට ඇතැම් දේශපාලනඥයින් කටයුතු කරමින් සිටිනු පෙනේ. එවැනි මර්ධනයකට යාම ශ්‍රීලංකාව ජාත්‍යන්තර වශයෙන් බරපතල අර්බුද රැසකට ලක්කරනු ඇත.

විශේෂයෙන්ම වර්තමානයේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇතැම් කනිෂ්ඨ ඇමතිවරු අත්දැකීම් නොමැති නිසාදෝ රජයේ සේවක අයිතිවාසිකම් හා ආයතන රෙගුලාසි නීතිරීති සම්බන්ධයෙන් දරන්නේ පටු ආකල්පයන්ය. මේ බොහෝ තරුණ ඇමතිවරුන් පවුල් දේශපාලනය නිසා ඍජුවම දේශපාලනයට හෝ පාර්ලිමේන්තුවට පිවිසි පිරිස්ය. ප්‍රාදේශීය දේශපාලනයේ යෙදී නොමැති බැවින් ජනතා ප්‍රශ්න ගැන ඔවුන්ට අවබෝධය ඉතාම අඩුය.මේ නිසා සේවක අයිතීන් හා ජනතා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඔවුන් ගන්නා තීරණ වල ගැටලුකාරී තත්වයන් තිබේ.

ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් යළිත් වරක් දුම්රිය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවුවහොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ. බන්දුල ගුණවර්ධන යනු දීර්ගකාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කල පුද්ගලයෙක් මෙවැනි දේ පැවසීම බරපතලය .

ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්වී තිබියදී වර්ජනවල නිරත වීම අතිශය වැරදි සහගත ක්‍රියාවක් බවත් ඕනෑම ගැටලුවක් සාකච්ඡා කිරීමට දුම්රිය සේවකයින්ට අවස්ථාව සලසාදී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත. එම නිසා සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳා ගැනීමට සේවකයන්ද කටයුතු කල යුතුව තිබේ.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan